Gossip

මහානාම කොළු තාත්තලට ආච්චි වැහිලා කරපු විනාශයක්

කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන්, පිරිසක් ඊයේ බොරැල්ල – යසෝදරා බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලූ වුණා. ඒ හේතුවෙන් පාසැල තුල ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

මහානාම විද්‍යාලය සහ ඩී .එස්. සේනානායක විද්‍යාලය අතර මේ මස 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත මහා ක්‍රිකට් තරගයට සමගාමීව මහානාම සිසුන් ඇතුලූ පිරිසක් ඊයේ රිය පෙරහරක් සංවිධාන කර තිබූ අතර, ඒ අතරතුරයි මෙම සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ හේතුවෙන් පාරට බැස්ස සිසුන් සහ ආදි සිසුන් යසෝදරා බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් වුණා. ඒ හේතුවෙන් එහි සිටි සිසුවියන් භීතියට පත්ව ඇති අතර විද්‍යාලයේ දේපළවලට ද බරපතල ලෙස හානි සිදු කළා.

මේ කතන්දර අස්සේ විද්‍යාලයට කඩාවැදුනු ආදි සිසුවෙකු යසෝදරා විද්‍යාලයේ ගුරුවරුන් විසින් අල්ල ගත්තා.ඒ කොහොම වුණත් නැවත එම ස්ථානයට කඩාවැදුණු සිසුන් සහ ආදි සිසුන් පාසලේ ගුරුවරුන්ට පහරදී ඔහු මුදා ගත්තේ මාරාන්තික යුද්ධයක් කරනවා වගේ.

යසෝදරා විද්‍යාලයට ඇතුලූවූ පිරිසෙන් මහානාම විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකු අල්ලාගෙන පොලීසියට භාරදීමට කටයුතු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.