Gossip

වයසින් බාල කෙනෙකුට මං ආදරේ කරන්නේ කොහොමද? – ආක්ශා සුදාරි

ආක්‍ෂා සුධාරි අපිට ඉන්න යොවුන් පරපුරේ නිරූපන ශිල්පිනියක්. පහුගිය කාලයේ නම් ආක්‍ෂා ගැන මාධ්‍ය වැඩියෙන් කතා කලා. මේ ඊයේ පෙරේදා එයා ගැන මාධ්‍ය හරහා එලියට ආපු රසබර තොරතුරු.

දැන් ආක්‍ෂා හුගක් ලස්සනයි නේද?

මං ලස්සනයි කියලා කවුරුහරි කියනවා නම් ඒක තමයි මට තියන ලොකුම සතුට.

ඔයා පැෂන් කරන්නේ ඔයාට ඕන විදියටද නැත්නම් අනුන්ට ඕන විදියටද?

මං ජීවත් වෙන්නේ මට ඕන විදියට වගේම පැෂන් කරන්නෙත් මට ඕන විදියට.

මහතට හිටපු ඔයා දැන් කෙට්ටු වෙලා?

පහුගිය කාලේ හිටියේ ඉන්දියාවේ එහිදි ඇග ලස්සන කරගන්න ඕන විදියත් ඉගෙන ගත්තා. ඒවගේම කෑම බීම වලදිත් ප‍්‍රවේශම් වුනා.

කෝ ඔයාගේ පෙම්වතා?

මේ වෙද්දි මං කාටවත් අයිති කෙනෙක් නෙවෙයි. මං පෙම්වතියක් නෙවෙයි. ආයේ නම් මම ආදරයක් ගැන හිතයි කියලවත් මට විශ්වාසයක් නෑ.

ඔයා තාමත් තනිකඩ අර නඩුව හින්දද?

නෑ. ඒ නඩුව මගේ කසාදෙට බාධාවක් නෙවෙයි. බදින්න මට ඕනකමක් නැති හින්දයි ආක්‍ෂා සුධාරී තාම තනිකඩ.

පැත්තක යන නඩුවක් නිසා ඔයා අනාගතේ අදුරුකර ගත්තා නේද?

මං එහෙම හිතන්නේ නෑ. මට තියෙන්නේ විවාහ පොරොන්දු කඩ කලා කියන චෝදනාව. අපි ඒකට මොකද වෙන්නේ කියලා ඉස්සරහදි බලාගමු.

මොකද්ද මේ මල්ලි කෙනෙකුට ආදරේ කරන කතාව?

ඒක මේ මියුසික් වීඩියෝ එකක යන කතාවක්. ඒක මගේ ඇත්ත ජීවිතේට සම්බන්ධ නෑ.

එතකොට ඇත්ත ජීවිතේදි මල්ලි කෙනෙක් ආදරේ කිව්වොත්?

කවදාවත් මං මල්ලි කෙනෙක්ගේ පෙම්වතියක් වෙන එකක් නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.