Video

මේකට පියුමි හංසමාලිගේ කිසිම සම්බන්ධයක් නෑ – ගැටුමට සම්බන්ධ ඇගේ යාළුවා වෙනුර කියයි

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ඉන්න ජනප‍්‍රිය නිළියක් වගේම දක්‍ෂ නිරූපන ශිල්පිනියක්. පහුගිය දවසක පියුම් ඇගේ හොඳම යාළුවා වෙනුර එක්ක කිරිබත්ගොඩ අවන්හලක ඉන්න අතරේ තවත් පිරිසක් එක්ක ගැටුමකට මැදි වුනා. මේ ගැටුමෙන් කීපදෙනෙක්ට රෝහල්ගත වෙන්නත් සිද්ධ වුනා.

පියුමිගේ යාළුවා එහෙමත් නැත්නම් මේ සිද්ධියේ එක් සැකකරුවෙකු විදියට නම් කරලා තියන වෙනුර දුරකථනයෙන් සම්බන්ධ කර ගන්න Gossip King අපට හැකි වුනා.

මේ වෙනුර එදා වෙච්ච සිද්ධිය ගැන කිව්ව දේ.

ඔය වීඩියෝ එක දකින තැනදි නෙවෙයි මුල්ම සිද්ධිය වුනේ. මේකට මුල් වුනේ වීඩියෝ එකට අහුනොවෙන ඊට ටිකක් එහයින් තිබුන මේසෙකදි. ඔය ඇවිල්ලා හිටිය පුද්ගලයෝ හොදටම බීලා හිටියේ. මමයි මගේ යාඵවෙකුයි මේසෙක කතා කර කර හිටියා. පියුමි එතනට ආවේ පස්සේ. කොහොම හරි අර බීලා හිටපු කට්ටිය පියුමි දිහා බලබල කැත විදියට යම් යම් දේවල් ඇයට කිව්වා. ඒක ඇහුවම මාත් එක්ක හිටිය මිතුරා ඔවුන්ට කිව්වා එහෙම කරන්න එපා කියලා. ඒ කතා බහේදි තමයි මේ ගැටුම ඇති වුනේ.

මේකට පියුමිගේ කිසිම සම්බන්ධයක් නෑ. පියුමි කලේ අපේ ගැටුම සමථයකට පත් කරන්න හදපු එක. දැන් මම පොලිසියට භාර වෙනකං කිරිබත්ගොඩ පොලිසිය පියුමිව පොලිසියේ තියං ඉන්නවලු. මේ සිද්ධිය වෙන්න කලිං යොදා ගත්තු වැඩකට මම කොළඹින් පිට හුඟක් දුරකට ඇවිල්ලා ඉන්නේ. මම සඳුදට පොලිසියට ගිහින් භාර වෙනවා. මම හැංගිලා ඉන්නවා නෙවෙයි. අතපසු කර ගන්න බැරි කලින් දාගත්තු වැඩකටයි ඇවිල්ලා ඉන්නේ.

මේකට කිසිම සම්බන්ධයක් නැති පියුමිව මං වෙනුවට පොලිසියේ තියං ඉන්න එක නං සාධාරන නෑ. තමන්ගේ අම්මට සහෝදරියට, බිරිදට, මිතුරියට බීමතින් ඉදගෙන කැත විදියට කතා කරනවා නම් ඒකට කේන්ති නොයන්නේ කාටද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.