Gossip

ඕල්රයිට් නායක ශලින්ද බොබීගේ චෝදනා වලට දුන්න පිළිතුරු මෙන්න

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම පෙරටුකොට ගත් ෆ්ලෑෂ් බෑක් සමාගමේ දෙවනි සංගීත කණ්ඩායම තමයි ඕල්රයිට් කියන්නේ. ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම තරමටම ඕල් රයිට් සංගීත කණ්ඩායමත් මේ රටේ හිට්ම බෑන්ඞ් එකක් වුනා.

කොහොම වුනත් මේ සංගීත කණ්ඩායම ගැන මේ රටේ මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ ආදරයක් ගෞරවයක්. පහුගිය දවස් වල ඕල්රයිට් ගැන යම් කතාවක් පැතිරිලා ගියා. ඒ බෑන්ඞ් එකේ හිටපු නිත්‍ය ගායක බොබීමාල් බෑන්ඞ් එක දාල ගිය කතාව ගැන Gossip King ඊයේ බොබීගෙන් මේ ගැන ඇහුවට පස්සේ ඒ ආරංචිය Gossip King ඔස්සේ ලෝකේ පුරාවටම ගියා.

කොහොම වුනත් බොහෝ අය Gossip King අපෙන් ඉල්ලා හිටියේ බොබීගෙන් වගේම ඕල්රයිට් සංගීත කණ්ඩායමේ නායක ශලින්ද ප‍්‍රනාන්දුගෙන්ද මේ ගැන අහන්න කියලා. වරද කොතැනක වුනත් කොයිදේකත් දෙපැත්තක් තියන නිසා අපි ඕන්න දෙපැත්තටම අවස්ථාව දුන්නා. ඉතින් අපි ශලින්දගෙන් මේ ඒ ගැන අහපු විදිය…

     ඉතින් ශලින්ද මොනවද අඵත් තොරතුරු?

වෙනද වගේම උද්යෝගයෙන් හොදින් සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යනවා. මේ දවස්වල ප‍්‍රසංගත් ගොඩක් වැඩියි. ඒවත් එක්ක ටිකක් කාර්ය බහුලයි.

     ශලින්දගේ දුක හිතුනා රත්තරනේ ගීතය ගොඩක් ජනප‍්‍රිය වුනා නේද?

ඔව් ඒක ඇත්ත. ඒ ගීතය විතරක් නෙවෙයි මගේ තවත් ගීත මිනිස්සුන්ගේ මතකයේ රැදිලා තියනවා. පහුගිය දවස්වල අඵත් ගීත කීපයකුත් කලා. එත් තාම රිලීස් කලේ නෑ.

     ඕල්රයිට් බෑන්ඞ් එක මේ තරම් ජනප‍්‍රිය වුනේ කොහොමද?

මේක මේ තැනට ආවේ ෆ්ලෑෂ් බෑක් ආයතනයේ කලමණාකාරිත්වයේ නිසි මග පෙන්වීම යටතේ මගෙත් අනිත් සාමාජිකයන්ගෙත් උත්සාහයයි කැපවීමයි නිසා.

     බෑන්ඞ් එකේ වැඩ ඇරෙන්න වෙන මුකුත් කරන්නේ නැද්ද?

අපි වෙන මුකුත් කරන්නේ නෑ. මේක අපේ රස්සාව. අපි මේ වෙනුවෙන්ම කැපවෙලා ඉන්නේ. ඉතින් අපි විනයානුකූලව මේ සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන පාඩුවේ ඉන්නවා.

      ඔය කියන විනය තද වැඩි හින්දද දක්‍ෂ සාමාජිකයෝ ඕල්රයිට් අතහැරලා යන්නේ?

යන්නේ විනයක් නැති අය. හොද විනයක් ඇතුව ඉන්න අයට මේ බෑන්ඞ් එකේ තමන්ගේ දක්‍ෂතා පෙන්නගෙන ඉන්න පුඵවන්. සංගීත කණ්ඩායමක් වුනාම දක්‍ෂතාවය වගේම විනයත් වැදගත්.

      මේ විනය ගැන කතන්දරය තව ටිකක් පැහැදිලි කලොත්?

ඩොනල්ඞ් ප‍්‍රනාන්දු සහ රොෂාන් ප‍්‍රනාන්දු විනය කියන එක අකුරටම බලන අය. බෑන්ඞ් එකට කෙනෙක් ගන්නකොට ඒ දෙන්නත් මමත් බලන්නේ විනය. දෙවනුව තමයි හැකියාව බලන්නේ. හැකියාවන් ඔප් නංවගන්න පුඵවන්. ඔහු විනයක් ඇති කෙනෙක් නම් විනයානුකූල අයට ඕල්රයිට් සොදුරු
තැනක්. විනය නැති කෙනාට ඕල්රයිට් අතහරින්න වෙනවා. මොකද එක් පුද්ගලයෙක් දෙන්නෙක් නිසා බෑන්ඞ් එකට අගෞරවයක් වෙන්න දෙන්න බෑ.

       එතකොට ඊයේ පෙරේදා බොබීමාල් ගියෙත් විනය ප‍්‍රශ්නයක් උඩද?

අනිවාර්යයෙන්ම.

       බොබීමාල් කියන නම හැදුවේ කවුද?

ඒ නම හැදුවේ ඕල්රයිට්. එයාගේ ඇත්ත නම පිලිප් ඇන්ටන්.

       බොබීමාල් ඕල්රයිට් හොයාගෙන ආවද, නැත්නම් ඕල්රයිට් බොබීමාල් හොයාගෙන ගියාද?

එයා ආවා ඕල්රයිට් හොයාගෙන. අපි ඔඩිෂන් එකක් තිබ්බා. ඒකට විශාල පිරිසක් ආවා. ඒ පිරිස අතරේ බොබීමාලූත් හිටියා.

       බොබීමාල්වම ගන්න හිතුවේ ඇයි?

බොබී තේරුම් නොගත්තට එයා ලග යම් දක්‍ෂතාවයක් තියනවා කියලා අපි දැක්කා. අපි හිතුවේ වෙන සංගීත කණ්ඩායමක කෙනෙක් ගන්නවට වඩා යම් දක්‍ෂතාවයක් තියන කෙනෙක් අරං ඔහුව අපිට ඕන විදියට හදලා ගන්න. අපි ඒකට බොබීව තෝර ගත්තා. බොබීට ඕල්රයිට් හම්බ වෙනතුරු එයාගේ දක්‍ෂතාවය පෙන්නන්න තැනක් තිබුනේ නෑ. බොබීගේ යම් අඩු පාඩුකම් තිබුනා. අපි ඒ අඩුපාඩුකම් පුඵවන් තරම් හැදුවා. ඒත් හදන්නම බැරි අඩුපාඩු ඔහු ලග ඉතුරු වුනා.

       ඕල්රයිට් එන්න කලින් ඔහු වෙන සංගීත කණ්ඩායම් කීපයකත් හිටියා නේද?

වෙන්න ඇති. ඒත් එහෙම වුනානම් ඕල්රයිට් එකට එද්දිම මේ රටේ මිනිස්සු එයාව දැනං ඉන්න ඕනනේ.

      බොබී නැති අඩුව ඕල්රයිට්ලට දැනෙන එකක් නැද්ද?

කොහෙත්ම නෑ. මීට කලිනුත් දෙතුන් දෙනෙක් බෑන්ඩ් එකෙන් ගියානේ. එහෙම වුනා කියලා බෑන්ඞ් එකට දැනුනේ නෑ. ඕල්රයිට් නමින්ම කලින් බෑන්ඞ් එකක් තිබුනා. ඒ හැමෝම ගියාට පස්සේ තමයි ඩොනල් අයියා අඵතින් සාමාජිකයින් දාලා මේ බෑන්ඞ් එක හැදුවේ. එහෙම කරලත් අවුරුද්දක් ඇතුලත මේ බෑන්ඞ් එක හිට්වුන එකේ එක්කෙනෙක් ගියාට දැනෙන්නෙවත් නෑ.

      ඒත් බොබී පට්ට දක්‍ෂයෙක්?

එලියේ තව ඕන තරම් දක්‍ෂයෝ ඉන්නවා. එක්කෙනෙක් යද්දි 20 ක් 30 ක් බෑන්ඞ් එකට එන්න බලං ඉන්නවා. මේක එක්කෙනෙක්ට විතරක් දෙවියන් වහන්සේ දීපු දක්ෂතාවයක් නෙවෙයි.

       ඇයි මේ තරම් ඕල්රයිට් එකට එන්න කට්ටිය බලන්නේ?

මියුසික් ෆීල්ඞ් එක ගැන දන්න හැකියාව ඇති කොල්ලෝ දන්නවා එයාලගේ හැකියාවන් එලියට අරං රටට පෙන්නන්න පුඵවන් එකම තැන ඕල්රයිට් සහ ෆ්ලෑෂ්බෑක් කියලා.

       ඔයා මොනවා කිව්වත් බොබීට බෑන්ඞ් එකෙන් කැපිල්ලක් තිබුනා නේද?

ඒක අමූලික බොරුවක්. එයා එහෙම කතා තැන් තැන් වල කියලා තිබ්බා. ඔය එයා එයාගේ වැරදි වහගන්න කියන බොරු කතා. අපි කැපිලි දැම්මේ නෑ. එයාගේ වැරදි හදා ගන්න උපදෙස් දුන්නා මිසක්. ඒක අපේ වගකීමක්.

       මොනවද එයාගේ තිබ්බ වැරදි අඩුපාඩු?

සරලවම කිව්වොත් එයා බෑන්ඞ් එකේ සාමාජිකයකු කරන්න සුදුසු නැති වැරදි කලා. පොඞ්ඩක් හිතන්නකෝ අපිට ආදරේ කරන සංගීත ලෝලියෝ කැමති වෙයිද අපි මත්ද්‍රව්‍ය වලින් ඔලූව විකාර කරගෙන ඇවිල්ලා වේදිකාවේ සිංදු කියනවට. ඒක බරපතල වරදක්. අපි එයාගේ පවුලේ අයට පවා කිව්වා මේ වැරදි හදාගන්න කියන්න කියලා. ඔහු හරි අකීකරුයි.

      අකීකරුයි කියන්නේ?

අපි ෂෝ එකකට යද්දි හැමෝම අදින්නේ එකම විදියේ ඇදුමක්. ඉතිං ඒ ඇදුම ගේන්න කිව්වම එයා ෂෝ එකට එන්නේ ඒ ඇදුම ගෙදර දාලා. මේ එක උදාහරනයක් විතරයි.

      මේ තරම් හොද බෑන්ඞ් එකකින් හිටපු ගමන් යන්න ඔහු තනියම තීරණය කලා කියලා ඔයා හිතනවද?

බොබී වටේ තුන් හතර දෙනෙක් ඉන්නවා. එයාල තමයි බොබීගේ ඔලූවට මේ විෂබීජේ දැම්මේ. බොබී කියන්නේ තනි තීරණයක් අරගෙන වැඩක් කරන්න පුඵවන් කෙනෙක් නෙවෙයි.

      බොබීට පොඩි හැන්දෙනුත් අනිත් අයට ලොකු හැන්දෙනුත් බෙදුවද?

ඒක බොරු. බෑන්ඞ් එකේ හැමෝටම එක විදියටයි සලකන්නේ. මට බෑන්ඞ් එකේ හැමෝම එකයි. බෑන්ඞ් එකේ අනිත් අයට වඩා බොබී වෙනස් වෙන්නේ බොබීගෙම විනය විරෝධි ක‍්‍රියා එක්ක විතරයි.

       බොබී බෑන්ඞ් එකේ අනිත් අයට අභියෝගයක් වුනාද?

අනිත් අයටවත් බෑන්ඞ් එකටවත් එයා අභියෝගයක් නෙවෙයි. බෑන්ඞ් එකේ ඉන්න හැමෝම දක්‍ෂයෝ. එයා බෑන්ඞ් එකේ එක චරිතයක් විතරයි.

       හික්කඩුවේ තිබ්බ වෙඩින් එකකදි තමයි බොබීට බෑන්ඞ් එක දාල යන්න වුන ලොකුම සිද්ධිය වුනා කියන්නේ. ඒක ඇත්තද?

ඒක බොබී නෙවෙයි. හරිනම් මමයි කියන්න ඕන. ඒක දවල් තිබ්බ වෙඩින් එකක්. අපියි බැක් කලේ. බොබී එදා සිංග් කරන්න බැරි තරමට මතින් මත්වෙලා විකෘති වෙලා හිටියා. එයා සිංදු කියන්න වේදිකාවට ආවට එයාට ඇත්තටම වචනවත් මතක තිබ්බේ නෑ සිංදු වල. මං කිව්වා දැන් සිංදු කියන්න බෑ ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා. නායකයා විදියට මට බෑ බෑන්ඞ් එකට අපහස කරවන්න. ඩොනල්ඩ් අයියා මේ බෑන්ඩ් එක හැදුවේ රසිකයෝ ඉස්සරහා විහිළුවක් වෙන්න නෙමෙයි.

       බොබී බෑන්ඞ් එක දාලා ගියාද නැත්නම් ඔයා යන්න කිව්වද?

එයා හදන්නම බැරි නිසා ඔහු වෙනුවට කෙනෙක් ගන්න අපි හිටියේ. අඩුපාඩුකම් හදාගත්තොත් ඉන්න පුඵවන්. නැත්නම් තීරණයක් ගන්න කියලා මම එයාට කිව්වා.

       බොබීගේ රසික පිරිස දැන් ඕල්රයිට් අතහරියිද?

බොබීමාල්ගේ වටේ හිටිය රසිකයෝ අපේ ප‍්‍රසංග වලට එනවා. මොකද ඒ එයා ගෙනාපු රසිකයෝ නෙවෙයි. එයා එන්න කලින් බෑන්ඞ් එක වටා රොක් වෙලා හිටිය රසික රසිකයෝ ඉන්නේ බෑන්ඩ් එක එක්ක මිසක් එයා එක්ක නෙමෙයි. එයා මාළු අරන් විලට ආවේ නැහැ. මාළු ඉන්න විලට ඇවිත් එයා පිනුවා මිසක්.

       දැන් බොබීගේ අඩුවට මොකද කලේ?

අපි එයා වෙනුවට කෙනෙක් තෝරලා ඉවරයි. ඔහු සැබෑ දක්‍ෂයෙක්. මින් එහාට ඕල්රයිට් ෂෝ එකක් බලන අයට එයාගේ දක්‍ෂතා බලන්න පුඵවන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.