Gossip

කොල්ලකරුවෝ නැව දෙන්නට කප්පම් ඉල්ලයි

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකෙරෙමින් පවතිනවා. එම පිරිසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර පැහැරගත් නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෝමාලියා කොල්ලකරුවන් පැහැරගත් වාණිජ නෞකාවක් වන අයිරිස් දහතුන නමැති මෙම නෞකාවේ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සිටි බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. එම නෞකාව සම්බන්ධයෙන් සියලු තොරතුරු අදාළ අංශ වෙත දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා නැව් කාර්යාංශය පවසනවා. ශ්‍රී ලාංකිකයින් අටදෙනාගේ ආරක්ෂාව මෙන්ම ඔවුන් මුදාගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි එම කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ.

විදෙස් කටයුතු අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. අප්‍රිකාවේ ජිබුර්ටි රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මෙම නෞකාව පැහැරගැනීම සිදුකර ඇති බවයි සාගරයේ ආපදාවට ලක්වූවන් ගලවා ගැනීමේ ප්‍රංශ කාර්යාලය සඳහන්කර ඇත්තේ. සෝමාලියා මුහුදු තීරයේදී 2012 වසරෙන් පසු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් විශාලතම වාණිජ නෞකාව මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

නෞකාව මුදාහැරීමට සෝමාලියා මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලා තිබෙනවා. එහෙත් ඉල්ලා ඇති කප්පම් මුදල කොතෙක්දැයි මෙතෙක් හෙලිවී නැති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.