Gossip

ඕල්රයිට් එකෙන් ගිය බොබී සියල්ල හෙළි කරයි

bobimal

බොබී මාල් කියන්නෙත් ඕල් රයිට් කියන්නෙත් හරියට ගහයි පොත්තයි වගේ. ඕල්රයිට් කිව්වොත් බොබී මතක් වෙන බොබී කිව්වොත් ඕල්රයිට් මතක් වෙන තරමට ඕල් රයිට් බෑන්ඞ් එක ඇතුලේ හිටිය සුපිරි චරිතයක් තමයි බොබී මාල් කියන්නේ. බෑන්ඞ් එකේ නිත්‍යා ගායකයා විදියට ඕල් රයිට් ෂෝ එකක් බලන්න එන කෙල්ලන්ට කොල්ලන්ට බොබී දෙන්නේ ඔහුගේ ගායනයෙන් පට්ට ආතල් එකක්.

ඉස්ටේජ් එකෙන් පොඞ්ඩකට බිමට බැස්සොත් ෂෝ එක බලන්න ආව කෙල්ලන්ගෙන් කොල්ලන්ගෙන් බොබීට ගැලවිල්ලක් නැති තරම්. ඒ තරමට බොබී සංගීත ලෝලින් අතර හිට් එකක්.

බොබී ඕල් රයිට් බෑන්ඞ් එක දාලා ගිහිල්ලා. ඊයේ පෙරේදා ඉදලා බොබී ගැන අහන්න ලැබුන මේ ආරංචියට ඔහුගේ රසිකයින්ට නම් දුක හිතුනා. මේ ආරංචිය ෆේස්බුක් හරහා හතර අතේ ෂෙයාර් වෙද්දී මේ කතාවේ ඇත්ත නැත්ත බොබීගෙන්ම අහන්න අපිට හිතුනා.

ඔයා බෑන්ඞ් එකේ නිත්‍යා ගායකයා විතරමද?

නිත්‍ය ගායකයා විදියට තමයි ඕල්රයිට් එකේ වැඩ කලේ. ඊට අමතරව ඉදලා හිටලා බෑන්ඞ් එකේ සිංදු වලටත් ආර්ටිස්ලාගේ සිංදු වලටත් ඩ‍්‍රම්ස් ප්ලේ කරලා තියනවා.

ඔයාගේ සංගීත ජීවිතේට දැන් අවුරුදු කියද?

අවුරුදු 10 ක් විතර ඇති. මුලින්ම පටන් ගත්තේ සීසිලියන්ස් /ෆයර් රේන්ස් /අග‍්‍රා බෑන්ඞ් එකේ නම් ඩ‍්‍රම්ස් ගැහුවා. ඕල් රයිට් එකට ඇවිල්ලා අවුරුදු 02 ක් විතර වෙනවා.

ඔයා මිනිස්සු අතර ජනප‍්‍රිය කලේ මොන බෑන්ඞ් එකෙන්ද?

මං ඕල් රයිට් බෑන්ඞ් එකේ හිටපු කාලය තුල තමයි රටම මාව දැනගත්තා නම් දැනගත්තේ. ඒක මම නෑ කියන්නේ නෑ.

ඉතින් ඔයාව රටට අදුන්නලා දුන්න බෑන්ඞ් එක දාලා හදිසියේම එළියට බැස්සේ මොකද?

ඕල් රයිට් එක ඇතුලේ හිටපු කාලය පුරාම පුංචි පුංචි ප‍්‍රශ්න වගේම ලොකු ලොකු ප‍්‍රශ්නත් ඇති වුනා. බෑන්ඞ් එකේ හැමෝගෙන්ම නෙවෙයි සමහර ප්ලේයර්ස්ලගෙනුත් ඉහල කළමනාකාරිත්වයෙනුත් පොඩි පොඩි අවුල් තිබුනා. ඒත් මං ඒවා ගණන් නොගෙන කට්ට කාගෙන බෑන්ඞ් එකේ හිටියේ මගේ රසිකයෝ අතරමං කරන්න බැරි නිසා. ඒත් ලගදි ඇති වුන සිද්ධියකින් මට බෑන්ඞ් එක එපාම වුනා. ඒක මොකක්ද කියලා කියන්න මං කැමති නෑ. මට වුන
අසාධාරණය බෑන්ඞ් එකේ වගේම ප්ලෑෂ් බෑක් ආයතනයම දන්නවා. ඒ ප්‍රශ්නෙත් එක්ක තවදුරටත් මට එතන ඉන්න බැරි වුනා.

බොබීට බෑන්ඞ් එකෙන් හරියට ගෙව්වේ නැද්ද?

බෑන්ඞ් එකෙන් මට ගෙව්වේ වෙනම ගානක්. අනිත් අයට තවත් ගානක්. අවුරුදු 02 ක් තුල බෑන්ඞ් එක ඇතුලේ මං ගොඩක් දේවල් කලා. බෑන්ඞ් එකේ දියුණුවයි ජනප‍්‍රියත්වයයි වෙනුවෙන් ඒ කාපු කට්ටේ හැටියට ඇත්තටම මට ගෙවපු ගාන මදි. අනිත් අයට ලොකු හැන්දෙන් බෙදලා මට පොඩි හැන්දෙන් බෙදනකොට හිත රිදෙනවා නේද?

මේ බෑන්ඞ් එකේ නායකත්වය ඔයාට හොදින් සැලකුවද?

අපි ඒ ගැන කතා නොකර ඉමු.

බෑන්ඞ් එකේ අනිත් ප්ලේයර්ස්ලට ඔයා අභියෝගයක් වෙලා තිබුනද?

එහෙමද කියන්න මං දන්නේ නෑ. බෑන්ඞ් එකට මගෙන් වෙන්න ඕන දේවල් මං මගේ හදවතින්ම උපරිමයෙන්ම කලා. මං ඉන්න තැනට බොක්කෙන් වැඩ කරපු කොල්ලෙක්. එච්චරයි මං දන්නේ.

බෑන්ඞ් එකෙන් අයින් වෙද්දි යනවා කියලා කාටද කිව්වේ?

ලගට ගිහිල්ලා පෞද්ගලිකව කාටවත්ම කිව්වේ නෑ. පොදුවේ හැමෝටම කිව්වා මං යනවා කියලා. බෑන්ඞ් එක දාලා යන්නම හිතුන දවසේ ඇති වුනේ කලකිරෙන සිද්ධියක්. ඒ හින්ද මට එදා ඒ අයගේ මූන බලන්න පුඵවන්කමක් තිබ්බේ නෑ. ඒක කලකිරීමත් එක්ක මං කිව්වා මං බෑන්ඞ් එක දාලා යනවා කියලා.

දැන් ඔය සිද්ධිය වුනේ බෑන්ඞ් එක කොහේ ප්ලේ කරද්දිද?

එදා අපි ප්ලේ කලේ දවල් හික්කඩුවේ වෙඩින් එකක. එතෙන්දි තමයි ප‍්‍රශ්නෙ ඇති වුනේ. ඒ වෙලාවෙයි මං තීරණය කලේ ඉවසගෙන හිටියා ඇති බෑන්ඞ් එක දාලා යනවා කියලා. ප‍්‍රශ්න කලිනුත් තිබ්බා ඒවා ඉවසගෙන හිටියා.

ඔයාට විරුද්ධව මේ වගේ ගේම් එකක් ප්ලේ වෙන්නේ මොකද?

අනේ මන්ද මං ෂෝ එකකට ගියාම කෙල්ලෝ කොල්ලෝ මාව වටකර ගෙන කතා කරනවා. ෆොටෝ ගන්නවා. සිංග් කරද්දි මට පට්ට චියර් එකක් දෙනවා. රසිකයෝ මට ගොඩක් ආදරෙයි. ඒවා බලන්න ඉන්න බැරි සමහරු මගේ බෙල්ලට තොන්ඩුව දාන්න බලන් හිටියද දන්නේ නෑ.

බෑන්ඞ් එකෙන් යනවා කියලා සලින්දට කිව්වද, එයා නේද බෑන්ඞ් එකේ නායකයා?

සලින්දට මුලින්ම කියනවා කියලා එකක් තිබ්බේ නැහැ. මං බෑන්ඞ් එකේ අයට පොදුවේ කිව්වා. එදා අන්තිම ෂෝ එක ඉවර වෙලා එහෙම කියලා මං ගෙදර ආවා. පස්සේ බෑන්ඞ් එකේ කීපදෙනෙක් අපේ ගෙදරට ආවා. ඒ ගොල්ල කිව්වේ අන්තිම තීරනේ කියන්න කියලා. මං බෑන්ඞ් එකෙන් අයින් වෙන තීරනේ වෙනස්
වෙන්නේ නෑ කියලා එයාලට කිව්වා. සලින්දට කිව්වේ පස්සේ.

සලින්ද එක්ක ඔයාට ප‍්‍රශ්න තිබ්බද?

ඒවා ගැන මහ ලොකුවට මං කතා කරන්න කැමති නෑ. ඇතැම් වෙලාවට ෂෝ එක වේලාවේ ඉස්ටේජ් එකේදි රසිකයෝ ඉස්සරහා එයා මට උපදෙස් දෙන විදිය එච්චර හොද නෑ. අපි හිතන්න ඕනා අපි මේ දහස් ගානක් රසිකයෝ ඉදිරියේ ඉන්නේ කියලා. යමක් කියන විදියක් තියනවා.

අයින් වෙනවා කියලා කිව්වම සලින්ද මොකද කිව්වේ?

ෆෝන් එකේන් තමයි කතාව ගියේ. බෑන්ඞ් එකට එනවද ඇහුවා. මං නෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා මට කියන්න කලින් බෑන්ඞ් එකේ කොල්ලන්ට කිව්වද කියලා. මං ඔව් කිව්වා. සලින්ද ඇහුවා එතකොට මං කවුද කියලා. එතකොට මං කිව්වා ඔයා ඕල්රයිට් බෑන්ඞ් එකේ මගේ හිටපු නායකයා කියලා. හරි එහෙනං ඕකේ කියලා එයා ෆෝන් එක තිබ්බා.

ඕල්රයිට් එකේ හිටියේ ඇත්තටම කලකිරිලද?

ඇත්තෙන්ම ඔව්. මං බෑන්ඞ් එකේ හිටියේ අන්ෂුවර් පිට. මට මේකෙන් කවද යන්න විදියට හිතෙන විදියට ඔවුන් වැඩ කලා. මට වඩා හොද එකෙක් සෙට් උන ගමන් මාව හලයි කියලා හිතෙන විදියට ඔවුන් වැඩ කලේ. සරලව කිව්වොත් බෑන්ඞ් එකේ සමහරු මට පල නොකිය පලා බෙදුවා. හිත රිද්දගෙන කෙනෙහෙලිකම් විදගෙන මිනිස්සු නටවන්න සතුටු කරන්න පුලුවන්ද. අපි සැහැල්ලුවෙන් ඉන්න ඕනේ සේරටම කලින්.

දැන් රසික රසිකාවියන්ට මොකද කියන්නේ?

මගේ රසිකයින්ට මං ඉන්නවා. ඔවුනුත් මාත් එක්ක ඉන්නවා. ලංකාවේ තියන එකම බෑන්ඞ් එක ඕල්රයිට් නෙවෙයි. තව බෑන්ඞ් ඕන තරම් තියනවා. ඒ හැම බෑන්ඞ් එකකටම රසිකයෝ ඉන්නවා. බොහෝ විට ඒ වගේ බෑන්ඞ් එකකදි ළඟදීම හමුවෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. මගේ රසිකයෝ අනාථ කරලා මං ගෙදරට වෙලා ඉන්නේ නෑ.

දැන් යන්න හිතන් ඉන්නේ මොන බෑන්ඞ් එකටද?

තාම එහෙම තීරණයක් නෑ. ඕල්රයිට් එකේ ඉන්නකොටත් දැනුත් ජනප‍්‍රිය බෑන්ඞ් වලින් මට කතා කලා. මං හොදට හිතලා බලලා මගේ හැකියාව සුපිරියටම පෙන්නන්න පුඵවන් බෑන්ඞ් එකකට මාසයක් ඇතුලත යයි.

ඔහොම කිව්වට ඉදිරියෙදි බොබී මාල් කියන නම රසිකයින්ට අමතකවෙලා යයිද?

කොහොත්ම නෑ. මම ඉදිරියෙදිත් බොබීමාල් කියන නමින් ජනප‍්‍රිය සංගීත කණ්ඩායම් ඉන්න වේදිකාවල මං මගේ වැඩ පෙන්නයි. ඇත්තම කිව්වොත් ඕල් රයිට් බෑන්ඞ් එක ඇතුලෙදිත් මගේ දක්‍ෂකම් මට පෙන්නන්න වුනේ බෑන්ඞ් එකේ අය කියන විදියට මිසක් මට ඕන විදියට නෙවෙයි. ඒක මට වෙච්ච ලොකු අසාධාරනයක්. ඉදිරියේදී මේ බොබී කලින්ට වඩා දක්ෂ විදියට සින්දු කියනවා මගේ රසිකයෝ දකීවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.