Video

ගමේ මිනිස්සු එකතු වෙලා මිනිහෙක් මරපු හැටි

දම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් තමන්ගේ බිරිඳව මරන්න බිරිඳගේ ගෙදරට ඇවිල්ලා. මේ පුද්ගලයා ඉඳල තියෙන්නේ බිරිඳගෙන් වෙන් වෙලා. මියගිය පුද්ගලයා හිටියේ රිමාන්ඩ් එකේ. ඒ තමන්ගේ නැන්දම්මා ඝාතනය කරලා බිරිඳට තුවාල කරපු සිද්ධියකට. මේ කතන්දරයෙන් නිදහස් වෙච්ච මනුස්සයා කෙලින්ම එන්නේ නැන්දම්මා යවපු ලෝකයටම බිරිඳත් යවන්න හිතාගෙන.

කොහොමහරි ගෙට ඇතුළු වෙලා බිරිඳව මරන්න සුදානම් වෙනකොට ඇය මරණ බයෙන් කෑ ගහලා. අසල්වාසීන් වටවෙන්නේ එතකොට. කොහොමහරි අවසානයේ මේ පුද්ගලයන්ගේ පහරදීමෙන් බිරිඳ ඝාතනය කරන්න ආපු මියගිය තැනැත්තා මෙලොව අතහැර ගිහින් තියනවා. ඔහු රෝහලට ඇතුලත් කරද්දී මියගොස් තිබු බවයි කිරිඇල්ල රෝහලේ වෛද්‍ය නිලධාරියෙක් කිව්වේ.

වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.