Gossip

රාළහාමිට වෙට්ටු දැමු කළුතර නෝනා මාට්ටු වුන හැටි

කුරුදුවත්ත පොලීසියේ නිලධාරී මහත්තයෙක්ට පැවරුනේ ග්‍රෙගරි පාරෙ රථවාහන හසුරුවන්න. මාර්ග තදබදය නිසා හුගක් වෙලාවට පොලිස් නිලධාරීන්ට මේ රාජකාරිය කරන්න වෙනව වගේම ඒක පාරෙ ගමන් කරන අයටත් ලොකු අස්වැදිල්ලක් වෙනව. ඉතිං ඔන්න මේ කිව්ව රාළහාමි දැන් පාර මැද්දෙ හිටගෙන ජීවිතේ පරදුවට කියල තමන්ගේ සමාජ මෙහෙවර කරනවා.

ටික වෙලාවක් යද්දි දකින්න ලැබෙන්නෙ පාරෙ ඉගිල්ලෙන්න හදන කාර් එකක්. රාලහාමි කාර් එක නතර කරනව. කාර් එක නතර කලාට පස්සෙ නිලධාරියා කාර් එකට එබෙනව. රේස් යන්න වගේ කාර් එක එලවන්නෙ සුරූපී නෝනා කෙනෙක්. ඇය බොහොම ලාවට රාලහාමි වෙත ඇග හිරි වැටෙන හිනාවක් දානවා. මේ වගේ කටිට කයිරාටික හිනාවල් දවස තිස්සෙ පාරෙ ඉන්න පොලිසියෙ මහත්තුරුන්ට පුරුදුයි. රාලහාමි නෝනගෙ හිිනාව සතපහකටවත් ගනන් නොගෙන රාජකාරිය කරන්න හිතුවා.

ලයිෂන් ඉන්ෂුවරන්ස් ගන්නකො මැඩම්. රාලහාමි එහෙම කියන අතරෙ කාර් එකටත් එබුනා. ඇතුලෙ තවත් කෙල්ලො පස් දෙනෙක්. ලෝබ නැතිව ඒ ලලනාවොත් හිනා පෑවා. ඩ‍්‍රයිවින් සීටි එකේ ඉන්න නෝනා ලයිෂන් එක අතට ගන්න පාටක් නෑ. එකපාරම නෝනා කාර් එක පිකප් කරලා ඉස්සරහට ගත්තා. කාර් එකේ හැපුණු රාළහාමි කාර් එකට යට නොවී බොනටි එක උඩට වැටුනා. දැං කාර් එක ඉස්සරහට යනව. බොනට් එක උඩ ඉන්න රාළහාමි පන බෙිර ගන්න දගලනවා. ඒක සත පහකටවත් ගනන් නොගත්ත නෝනා කාර් එක වෙිගෙන් පදවනවා. හරියට ත‍්‍රාසජනක චිත‍්‍රපටියක් වගේ.

පාරෙ ගිය වෑන් එකක් මේ වෙන්න යන විනාසෙ දකිනවා. වෑන් එකේ ඩ‍්‍රයිවර් පාර හරස් කරල නෝනගෙ කාර් එක නතර කර ගන්නවා. එහෙම නොවෙන්න බොහෝ විට අද කුරුදුවත්ත පොලිසිය ඉස්සරහ සුදු කොඩියක් වැටෙන්න තිබුණා. කාර් එක නතර වුණා විතරයි ඒකෙ හිටිය කෙල්ලො පස් දෙනා පැනල දිවිවා. කාර් එක ඩ‍්‍රයිවි කරපු නෝනා නම් වට පිටෙි උන්නු මිනිස්සු අල්ලලා පොලිසියට බාර දුුන්නා. ඒ කරපු වරදට මේ කියන අපුරු ගාය හැදුනු නෝනා 17
වෙනිදා වෙනකමි බන්ධනාගාරගත කරන්න උසාවිය තීන්දු කලා.

රාලහාමිට සෙල්ලම් දාපු මේ නෝනා කළුතර දකුණෙ පදංචිකාරියක්ලු. එයාගෙ ජොබි එක සලෙලුන්ට මුදලට කාන්තාවන් අලෙවි කිරීමලු. තැන් තැන් වලින් කුලියට වාහන අරගෙන මෙයා කරන්නෙ ඒ වාහනේ ඇතුලෙම තියන් ගණිකා ජාවාරමලු. බිස්නස් එකේ යන අතරෙ නෝනගෙ බිස්නස් එක වැරදුන කේන්තියට රාලහාමිට මෙි නෝනා තග දැමිම වෙන්නත් පුලුවන්ලු. කොහොම උනත් පාරෙ සෙල්ලම් දාල රාලහාමිගෙ ජීවිතේ වනසන්න හදපු නෝනා නමි දැං බන්ධනාගාරෙ පෝලිම් බත බුක්ති විදිනවාලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.