Gossip

මම නිසාත් වික්ටර් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්

ප‍්‍රවීන සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහත්තයාට මේ රටේ මිනිස්සුන්ගෙන් හිමි වෙන්නේ ආදරයක්, ගෞරවයක්. ඒ ආදරය මැද්දේ පහුගිය දවසක ඔහු 75 වෙනි ඡන්ම දිනයත් සැමරුවා. කොහොම වුනත් මේ ගාන්ධර්වයා පහුගිය දවසක විවාහයටද එලඹුනා.

වික්ටර් විවාහ වුනේ අවුරුදු 33 ක් වයසැති හෂිනි අමේන්ද්‍ර එක්ක. පහුගිය දවස් වල සිද්ධ කර ගත්ත විවාහය නිසා ඔබ වින්දේ සුළුපටු අපහාසයක්
නොවේද? අපි වික්ටර් ගෙන් ඇහුවා.

මම බෞද්ධයෙක්. මට එල්ලවන චෝදනා වලට මුහුන දෙන්න ඒවා දරාගන්න ශක්තියක් මට තියනවා. බුදුදහම ගැන විශ්වාසයක් ඇති පොත පත ඇසුරු කරන මට ඕවා මහලොකු කලකිරීම් නෙමේ.

රසිකයින්ගෙන් ඔබ වෙත ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

මේ රටේ මිනිස්සු මාව දන්නේ සංගීතවේදියෙකු විදියට. මං ඔවුන්ට සාධාරනය ඉටු කරලා තියනවා. අදටත් ඔවුන් මට ආදරෙයි.

ඒ වුනාට ඔබව විවේචනය කරන උදවියත් ඉන්නවා නේද?

ඕනම කෙනෙකුට මාව විවේචනය කරන්න පුඵවන්. ඒකට අයිතියකුත් තියනවා. හැබැයි ඒ අපි අතර තිබෙන සංගීත කාරනා වලදි විතරයි. මගේ පෞද්ගලික ජීවිතේ ගැන විවේචනය කරද්දිනම් යම් කණගාටුවක් තියනවා.

ඔයා දැන් වික්ටර්ව කසාද බැදලාද ඉන්නේ? අපේ ඊලග ප‍්‍රශ්නය යොමු කලේ වික්ටර්ගේ බිරිද හෂිනිට.

මං මේ ගෙදරට ආවෙත් වික්ටර් සර් එක්ක ජීවත් වෙන්නෙත් නීත්‍යානුකූලව විවාහ වෙලා. මේක අනියමින් ගෙවන ජීවිතයක් කියලා හිතන්න එපා. අපි විවාහකයි.

දැන් විවාහවෙලා නිසා අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තුවකුත් ඇති නේද?

ඇයි එහෙම වෙන්න බැරිද? කසාද බැදපු දෙන්නෙක් අතරට දරුවෙක් එන එක අසාධාරනයක් නෙවෙයිනේ. බොහෝ වෙලාවට සර් නිසා මම මවක් වෙන්නත් මම නිසා සර් නැවත පියෙක් වෙන්නත් පුඵවන්

වික්ටර් ඔයාට වඩා වයසින් ගොඩක් වැඩියි කියලා බදින්න කලින් දැනන් හිටියද?

අපේ ආදරේට අවුරුදු 06 යි. මේ අවුරුදු 06 ඇතුලත අපි දෙන්නා අපි ගැන හැමදෙයක්ම දැනගත්තා. වයස් පරතරය අපිට ප‍්‍රශ්නයක් නෙවෙයි. සර්ටවත් මටවත් මේක ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ කවදාවත්.

දෙන්නගේ කසාදෙ දැනගෙන හතර වටින්ම මඩ ප‍්‍රහාර එල්ල වෙන කොට කොහොමද ඒකට මුහුණ දුන්නේ?

යම් දුකක් ඇතිවුනා තමයි. ඒත් අපි දෙන්නා මේ හැම දෙයක් දිහාම මැදහත්ව බලාගොන හිටියා. අපිට චෝදනා කලාට අපි කාටවත් චෝදනා කරන්න ගියේ නෑ. අපි සැලෙන්නේ මොකටද අපි වරදක් කරලා නෑ. අපි මේ රටේ සාමාන්‍ය නීතියට අනුව විවාහ වුන දෙන්නෙක් විතරයි.

ඔයා හිටියේ බැංකුවක රස්සාවක් කරමින්. ඒත් දැන් ජොබ් එකට යන පාටක් නෑනේ?

මම මේ දවස්වල නිවාඩු දාලා ඉන්නේ. කොහොමටත් මගේ බලාපොරොත්තුව ඒ ජොබ් එක අතහරින්න. මොකද මට ඕන සර්ව බලාගෙන ඔහු ලගට වෙලා ඉන්න. මොකද ඔහු මගේ සැමියා.

වික්ටර්ගේ බූදලේ අයිතිකාරය ඔයා වෙන්න පුඵවන්ලූ ඉස්සරහට? බදින්න කලින මේවා ගැනත් ඔයා දැනගෙන ඉන්න ඇති නේද?

ඔහුගේ ගතගුණ ගැන හැරෙන්න වෙන කිසිම දෙයක් ගැන මං හෙව්වේ නෑ. මං ආදරේ කරන්නේ සර්ට මිසක් සර්ගේ දේපොල වලට නෙවෙයි. ඒ දේවල් ගැන මගේ කිසිම ආසාවක් නෑ. මට ඕන මැරෙනතුරාවට ඔහුත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.