Gossip

පීකොක් මන්දිරය මහින්දට නොදුන් ඒ.එස්.පී ට තානාපතිකමක්

a s p liyanage

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් පීකොක් මන්දිරයේ හිමිකරු වූ ව්‍යාපාරික ඒ.එස්.පී ලියනගේ මහතාට තානාපතිකමක් හිමි වී තිබෙනවා.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඒ එස් පී ලියනගේ මහතා දෝහා කටාර් රාජ්යේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත්‍ර පත්‍ර බාරදෙනු ලැබුවා. ඒ අනුව ලියනගේ මහතා ලබන සිකුරාදා පමණ වන විට කටාර් රජ්යේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතයි.

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු ලෙස කටයුතු කල ලියනගේ මහතා නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළා. පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්වූ ඔහු පසුගිය කාලයේ ඒ මහතාට සුබ පතමින් පුවත්පත් දැන්වීම් ගණනාවක්ද පළකර තිබුනා.

පීකොක් මන්දිරයේ හිමිකරු ලෙසින් ඊට පැමිණෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කල ඔහු පසුව එය ප්‍රතික්ෂේප කළා. පිකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වැලි පිරවීමේ සිද්ධියට පසුගිය කාලයේ මහතා ආන්දෝලනයකට ලක් වුනා.

කෙසේ වෙතත් ලියනගේ මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා පිකොක් මන්දිරයේ සිදු කල වාස්තු විද්‍යාත්මක වෙනස්කම් නිසා තමන්ට තානාපතිකම ලැබීමේ වාසනාව හිමි වූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.