gossip_bulletin

පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බගවන්තලාවේ සිට කොළඹ දක්වා තේ කිලෝ දසදහසක් ප‍්‍රවහානය කළ ලොරි රථයක් ඊයේ (09) රාත්‍රී 9.00 ට පමණ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩි පොලිසිය පවසනවා.

කොළඹ තේ වෙන්දේසිය සඳහා තේ පෙට්ටි ප‍්‍රවහානය කළ මෙම ලොරි රථය නොර්වුඩ් ප‍්‍රදේශයේදි රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරින් විසින් පරික්‍ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ රියදුරා බිමත්ව සිටි බැවින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන අවස්ථාවේ ලොරි රථයේ වාඩිවි සිටි රිය සහයකයා විසින් ලොරි රථය පන ගන්වා පොලිස් අන නොතකා වේගයෙන් ඉදිරියට ධාවනය කරවන අවස්ථාවේ ලොරි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

සැකපිට අත්අඩංගුවට ගත් බිමත්ව සිටි ලොරි රථයේ රියදුරා නොර්වුඩි පොලිසිය විසින් අද (10) හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.