Gossip

කාන්තා දිනය ගැන නම ගිය ඇත්තෝ කිව්ව කතා

අද මාර්තු 8 වෙනිදා. කාන්තා දිනය යෙදිල තියෙන්නෙ අදට. ඉතින් මේ දවසෙ කාන්තාවන් ගැන ටිකක් කතා කරන්න අපිට හිතුනා. කාන්තාවන් ගැන මේ වගේ දිනයක කතා කරන්න අපිට ඔින තරම් දේවල් තිබුණත් මේ රටේ ජනප‍්‍රිය අයට කාන්තාවන් ගැන මොනවද කියන්න තියෙන්නෙ කියල දැන ගන්න අපි උනන්දු වුණා.

මුලින්ම ඒ ගැන අපි කතා කලේ කලා ලෝකයේ බොහොම ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් වන ලක්ෂිකා ජයවර්ධනගෙන්

කාන්තා දිනයේ  විතරක් නෙවෙයි කාන්තාවො ගැන අපි හැමදාම කතා කරන්න ඔින. මේ තියෙන සමාජෙ ඇතුලෙ කාන්තාවකට තනියම පාරෙ බැහැල යන්න බැරිනම්, කාන්තාවකට සමාජෙ ලැබිය යුතු අභිමාණය නොලැබෙනව නම් තව මොන කතාද, හැමෝගේම හිතේ තමන්ගේ මව ගැන ආදරයක් තියෙනව නම් ඇයි ඒ වගේ පිටස්තර කාන්තාව දිහාත් කාරුණිකව බලන්න බැරි. කාන්තාවකට නිසි තැන නොලැබෙනව නම් කාන්තා දිනය කියල මිනිස්සු බොරුවට උඩ පැනල මුනිචිචාවට අද දවසෙ විතරක් කෑ ගහල වැඩක් නෑ.

 

ජයන්ත ගාල්ලගේ (මාධ්‍යවේදී)

අම්මා කෙරෙහි එදා පුතෙකුට දුවෙකුට ඇතිවෙලා තිබුනු ආදරය මේ වෙනකොට දුරස් වෙලා. අම්මා කවුද කියල පුතා දුව දන්නෙ නෑ. අමිම තාත්ත කියන දේ දරුවො අහන්නෙ නෑ. අමිමාට දක්වන ආදරය හිතින් බැහැර වුණාම ඒ දරුවො පිටස්තර කාන්තාවො දිහා ආදරෙන් බලයිද. ගෙදරින් උපදින්නෙ නැති ආදරය සමාජයෙදි ලැබෙන්නෙ කොහොමද. කරුණාව දියවෙලා යන සමාජෙක කාන්තාවකට තියා පිරිමියෙකුටවත් හෙට කියල සුබ දවසක් නෑ.

කුසුම් රේණු මෙන්ඩිස් (රංගන ශිල්පිණි)

කාන්තා දිනය කියන්නෙ කාන්තාවට දණ ගහල වදින්න කාන්තාවට ගරු කරන්න ඔීන දවසද කියල අද උදේ මගෙන් පුංචි දරුවෙක් ඇහුවා. මට පුදුම හිතුණා ඒ අර දරුව ගැන නෙවෙයි මෙි සමාජෙ ගැන. අද කාන්තාවට නිසි තැන ලැබෙන්නෙ නෑ තමයි. හැබැයි ඒ තැනට මේ සමාජෙ පත් වෙන්න ඇතැමි කාන්තාවනුත් ලොකු හේතුවක්. හැදෙන පරම්පරාවක් ඉදිරියෙ හැසිරෙන්න ඇතැම් කාන්තාවො දන්නෙ නෑ. සමාජෙ වැදගත් විදිහට හැසිරෙන්න දන්නෙ නෑ. සමහර අමිමල දරුවො ලග හැසිරෙන විදිහ දැක්කම ඒ දරුවන්ට හිතෙන් නෑ මෙි මගෙ අමිම කියල කියන්න. කියනව නමි තව හුගක් දේවල්තියෙනව කියන් කාන්තාවො ගැන. ඒත් කියන්නෙ මෙචිචරයි මේ සමාජෙ ඉන්න සමහර කාන්තාවන්ගෙ නොමනා හැසිරීමි නිසා වැදගත් විදිහට ජීවත් වෙන කාන්තාවටත් අද සමාජෙ නිසි ආදරය ගෞරවය ලැබෙන්නෙ නැති වෙලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.