Video

තිරිසන් මිනිහෙක් හත් හැවිරිදි දැරියයි මාමවයි මැරුවේ මෙහෙමයි

දැරණියගල මාගල ප‍්‍රදේශයේදී හත් හැවිදිරි දැරියක් හා ඇයගේ ඥාතියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. පරීක්ෂණ සඳහා දැරණියගල, රුවන්වැල්ල, කිතුල්ගල, අවිස්සාවේල්ල යන පොලිස් ස්ථාන වලින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ද කණ්ඩායම් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කලේ.

ඊයේ රාත‍්‍රීය පුරා ද සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක වූ අතර මාගල ප‍්‍රදේශයම කම්පා කළ මෙම ඛේදවාචකයේ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

දැරණියගල, මාගල, ඉමේවත්ත, හෙළපල්ල ප‍්‍රදේශයෙන් මෙම අවසනාවන්ත සිදුවීම වාර්තා වුණා. නිවසේ හිමිකරු යාබද මළ ගෙදරක ගොස් සිටියදී නිවසේ රැුඳී සිට ඇත්තේ ඔහුගේ හත් හැවිරිදි දියණිය, බිරිඳ හා ඥාතියෙක් පමණයි.

රාත‍්‍රී 9 ට පමණ නිවසට පැමිණි 19 හැවිරිදි ඩිලන්ක බණ්ඩාර නැමැති අසල්වාසි තරුණයා නිවසේ රැුඳී සිටි ඥාති පුද්ගලයා රැුගෙන ගොස් ඇත්තේ මත්පැන් පානය කිරීම සඳහායි. සැකකාර තරුණයා ඔහුගේ මිත්තණියට අයත් අතහැර දැමූ පාළු නිවසකට එම පුද්ගලයාව කැඳවාගෙන ගොස් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබුණා. මියගිය පුද්ගලයා 41 වන වියෙහි පසුවූ අයෙක්.

පසුව සැකකාර තරුණයා කිසිවක් නොවුණු සේ නැවත වරක් මෙම නිවසට පැමිණ හත් හැවිරිදි මේ දියණියත් ඝාතනය කර තිබෙනවා.
රූපවාහිනිය නරඹමින් ඉංග‍්‍රීසි වැඩපොතේ අකුරු ලියමින් සිටි මේ පුංචි දියණිය සාහසික ලෙස මොට ආයුධයකින් මෙන්ම මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බවයි මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ.

දියණිය කෑ ගසා හඩන විට ඇදේ වැතිර සිටි මව එම ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේදී ඇයට ද මෙම සැකකාර තරුණයාගේ ග‍්‍රහණයෙන් මිදීමට හැකිවී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.