Gossip

ෂාරුක් ඛාන්ට එකයි – ඒත් මට හතරක් තියෙනවා – ඇයි අවුල්ද?

Ronnie Leach

රොනී ලීචි කිව්වම මේ රටේ එයාව නොදන්න කෙනෙක් නෑ. ඒ වගේම තමයි රොනී ලීචිට අවුරුදු හතරෙ පුංචි එකාගේ ඉදල අවුරුදු අනුව වයස දක්වා මිනිස්සු ආදරෙයි. ඒ රොනීගෙ තියෙන නිහතමානීකම හින්දා.

මේ සොඳුරු මිනිසා ගැන මේ රටේ මාධ්‍ය උනත් නිතර හොයන්න උනන්දු වෙන්නෙ ඒ නිසා. රොනි ගැන හොයන්න මාධ්‍ය උනන්දු වෙද්දි මොන වැඩෙි තිබිබත් මාධ්‍ය එක්ක දොඩමලු වෙන්න රොනි නෙවෙයි පසුබට වෙන්නෙ.

මේ රොනි මාධ්‍ය ඉදිරියේ දොඩමලු උන ඒ වගේ අවස්ථාවක්.

මොකද දැන් සද්ද වහල. සිංදු කියන එක එපා වෙලාද?

මම නිහඩ නෑ. මම නිර්මාණ කරන්නෙ හොදට හිතල බලලා. ආවට ගියාට මම නිර්මාණ කරන්නෙ නෑ. කොහොමටත් මම මේ අවුරුද්දෙ ගීත දෙකක් කරනවා. ඒක කටිටියට අහන්න ලැබෙයි.

මොකක්ද මේ ශාරුක්ගෙ කතන්දරේ?

නෑ මම රගපාපු චිත‍්‍රපටි 4 ක් එන්න තියෙනවා. ශාරුක්ට එහෙම චාන්ස් එකක් නැ. එයාගෙ එන්න තියෙන්නෙ එක් චිත‍්‍රපටිියයි. ඒක ඉතිං බොරුවක් නෙවේනේ.

නවක ගායක ගායිකාවන් ගැන මොකද හිතෙන්නෙ?

මේ අලුත් පරමිපරාවට හොද හඩවල් ටිකක් තියෙනවා. ඒ වගේම ඔවුන් හැබෑ දක්ෂයෝ. ඒත් ඇහෙන ගීත ගැන නම් ප‍්‍රසාදයක් ලොකුවට මගෙ හිතේ නෑ. ඇහෙන්නේ එකම ආරෙ ගීත. වෙනසක් නෑ. වෙනසක් කරන්න උත්සාහ කරනව නං හොදයි. අද ඉන්න සමහර ගායකයො ගීත කියනව නෙවෙි අඩනව. එතකොට ඉතිං අහන් ඉන්න මටත් ඇඩෙන එක වලක්වගන්න බෑ.

රොනීට වැඩියෙන්ම තරහ යන්නෙ මොකටද?

දැන්නම් තරහ යන්නෙ නෑ. ඒත් ඒ කාලේ පාරෙ යද්දි කොල්ලෝ ඒයි තට්ටයා කිවිවම කෙල්ලො හිනා වෙනවනෙ. එතකොට තරහ යනවා. ඒත් දැන් තරහ යන්නෙ කවුරුවත් තටිටයෝ කියල නොකිවිවොත් තමයි. දැන් තටිටය කියද්දි පොඩි ත‍්‍රිල් එක්ක තියෙනව

සමහරු අහනවනෙ ඇත්තටම රොනීට පිස්සුද කියල?

දැන්නම් මං දන්නෙ නැ. ඒත් ඒ කාලේ මට තිබිබ සිංදු කියන පිස්සුවක්. ඉතිං ඒ පිස්සුවට වත්තෙ ගස්වල නැගල සින්දු කියනව හෙන සද්දෙන් අහල පහල ගෙවල් වලට ඇහෙන්න. එතකොටනම් අහල පහල අය හිතුව මට පිස්සු කියල

ඔයාගේ තටිටය ඔයාට ආභරණයක් වූනාද නැත්තමි කරුමයක් වුනාද?

මේ තටිටෙ මට ආශිර්වාදයක්. මේක හිංද තමයි මට රගපාන්න හුගක් චිත‍්‍රපටි ලැබුනෙ. මම රගපාපු බොහෝ චිත‍්‍රපටවල මාව මින්ස්සුන්ට මතක හිටින්නෙත් මෙි තටිටය නිසා. මේක මට කොචිචර ආශිර්වාදයක්ද කියනව නං ගෑණූ මෙි තටිටෙට කිස් එකක් දෙන්න ආසයි කියපු අවස්ථාත් තියෙනව.

ඔයාගෙ බිරිද ඔය තටිටෙට කැමතිද ඉතින්?

මුල් කාලෙ පුල් කචල්. තටිටෙ ගාගෙන අවට පස්සෙ මං දිහා බැලුවෙවත් නැති තරම්. ඒ කාලෙ එයා මාත් එක්ක තටිටෙ නිසා ගමන් බිමන් ගියෙත් හරි අඩුවෙන්. ඒත් පස්සෙ පස්සෙ එයා මට වඩා මගේ තටිටෙට ආදරේ කලා. මට මතකයි ඒ කාලේ අපි දෙන්න පාරට බැස්සොත් එයා යන්නෙ පාරෙ එහා පැත්තෙ. මම මෙහා පැත්තෙ. දැන් මගේබිරිඳ දන්නව මේ තටිටෙ මගේ විතරක් නෙවෙි අපෙත් වාසනාව කියල.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.