Gossip

බස් එකේ වාඩි වෙලා හිටිය සමයං අරන් ඇවිත් පා පුවරුවෙ තියලා නළලට වෙඩි තිබ්බා

කඩුවෙල සමයංට තිබුනෙ රජ වීමෙි උණක්. ඒ උණ හින්දම සමයංට ඕනෑම තිරිසන් වැඩක් හිරිකිතයක් නැතුව කරන්න පුලුවන්කම තිබුණා. ඉතින් මේ චන්ඩියා තමන්ගේ ගෝල බාලයො පස්දෙනෙකුත් එක්කම ඊයෙ අවසන් ගමන් ගියා. ඒ කළුතර බන්ධනාගාරෙ ඉඳලා කඩුවෙල උසාවියට බන්ධනාගාර බස් එකේ අරන් එද්දි. කළුතර එතනමඩල ප්‍රදේශයේදී කැබ් රථයකුයි වෑන් රථයකුයි ඇවිල්ලා බන්ධනාගාර බස් එක හරස් කලා. මේ වාහන දෙකේ හිටියෙ පොලිස් නිල ඇදුමට සමාන ඇඳුම් ඇද ගත්තු 12 ක වගේ පිරිසක්. කට්ටියගේ අතේ ටී 56 ආයුධ තිබුණා.

මේ පැමිණී පිරිස එල්ල කල ප‍්‍රහාරය ඉතාමත් දරුණු ගණයේ එකක් වුණා. ප‍්‍රහාරකයන්ගෙ ඉලක්කය වුනේ බන්ධනාගාර බස් රථයේ හිටිය සමයං ඇතුලු පිරිස. විනාඩි 5 ක වගේ කාලයක් තුල ප‍්‍රහාරකයො තමන්ගෙ ඉලක්කය සපුර ගත්තා. අරුණ උදයංග හෙවත් සමයං,තිලක්, අමිල, කැලුම්, සුරංග කියන පාතාල සාමාජිකයනුත් බන්ධනාගාර නි*නිලධාරීන් දෙපලකුත් මේ ප්‍රහාරයෙන් මිය ගියා. ඒ වගේම තවත් බන්ධනාගාර නිලධාරීන් කීප දෙනෙකුත් තුවාල ලැබුවා. ඒ නිලධාරින් මේ වෙද්දි කලුතර හා කොළඹ ජාතික රෝහල් වල ප‍්‍රතිකාර ලබනවා.

අපි සමයං ඇතුලු පිරිස කඩුවෙල උසාවියට අරන් එද්දී තමයි මේ සිද්ධිය වුනේ. එතකොට වෙලාව උදේ 8.30 ට වගේ ඇති. එකපාරම කැබ් එකකුත් වෑන් රථයකුත් ඇවිත් අපේ බස් එක හරස් කරල නතර කලා. ඒ වාහන දෙකෙන් බැස්සෙ පොලිස් නිල ඇඳුමට සමාන ඇදූම් ඇද ගත්තු ආයුධ සන්නද්ධ පිරිසක්. මේ පිරිස ආව ගමන් බස් එක වටකරගෙන වෙඩි තියන්න ගත්තා. එලියෙ ඉදන් පිරිසක් වෙඩි තියන අතරෙ තවත් කීපදෙනෙක් බස් එකට නැගලා විත්තිකරුවන්ටත් වෙඩි තියනව මං දැක්කා.

මේ ප්‍රහාරය පිලිබදව ඒ මොහොතේ බන්ධනාගාර බස් එකේ වුන්නු නිලධාරියෙක් විස්තර කලේ මෙහෙමයි.

මේ ප‍්‍රහාරය එල්ල වෙද්දි සමයං ඇතුලු විත්තිකරුවන්ගේ ආරක්ෂාවට ටී 56 අවි 5 ක් සමගින් බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙකු ඉදල තියෙනවා-මෙි ප‍්‍රහාරයට වෙඩික්කරුවන් ඇවිත් තියෙන්නෙ වැන් රථයක් හා කැබ් රථයකින්. ප‍්‍රහාරය සදහා වෙඩික්කරුවො 12 දෙනෙකු පමණ ඇවිල්ල කියලත් කියවෙනවා.

මේ ප‍්‍රහාරයේදි බස් රථයේ වුන්නු බන්ධනාගාර නිලධාරීන් හා සැකකරුවන් වෙඩි වැදිල එකා පිට එකා ඇද වැටෙද්දි වෙඩික්කරුවො කීප දෙනෙකු බස් එකට ගොඩ වෙලා තියෙනවා. ඉන් එක් වෙඩික්කරුවෙක් අත් විලංගු දාල අසුනෙ වාඩි කරවල උන්නු සමයං පාපුරුව දක්වා ඇදගෙන ඇවිල්ල පාපුරුවෙ වාඩි කරවලා තියෙනවා. ඊට පස්සෙ තවත් කිපදෙනෙකු සමයන්ගේඔලුවට වෙඩි වැලක් මුදා හැරලා තියෙනවා. මේ ප‍්‍රහාරය අංගොඩ ලොක්කගෙත් මාකදුරෙ මදුෂාන් වැඩක් කියලයි දැනට ආරංචිය.

මාකදුරේ මධුෂාන්ගේ පාතාල කල්ලියත් අංගොඩ ලොක්කගේ පාතාල කල්ලියත් සමයංට ලොකු තර්ජණයක් වෙලා තිබුනෙ අද ඊයෙක ඉදල නෙවෙයි. පහුගිය කාලය පුරාම සමයංට ඕන වුනේ මධුෂ්ගේ කල්ලියේ ලොක්කගෙ කල්ලියත් ෆැලටි කරල ඒ බල ප‍්‍රදේශවලත් බලය අල්ල ගන්න. ඒ හින්දම මේ පාතාල කල්ලි දෙකත් එක්ක සමයං හිටියෙ නිතරම ගේම ඉල්ලගෙන -සමයංගෙ තර්ජන නිසාම මධූශ්ගෙ කල්ලියත් ලොක්කගෙ කල්ලියත් එකට එකතු වුනේ සමයං මෙි ලෝකෙන් චුත කරන්න හිතාගෙන. අංගොඩ ලොක්කකෙ කල්ලිය මිට අවූරුද්දකට කලිනුත් සමයංට වෙඩි තියල දැමිම කඩුවෙල උසාවිය ඇතුලෙදි.

ඒත් එදා සමයංට තුවාල සිද්ධ උණත් පන බෙිරගන්න පුලුවන් වුණා. රණාල කඩුවෙල ප‍්‍රදේශවල රජා වෙලා කප්පං ගන්න ස්ත‍්‍රී දුශණ කරන මිනි මරන සමයංට. ඒ පලාත මදි වගේ දැනෙන්න ගත්තම තමයි මධුශ්ගෙයි ලොක්කගෙයි බල ප‍්‍රදේශවලටත් ඉව අල්ලන්න ගත්තෙ. අතුරුගිරිය, අංගොඩ ප‍්‍රදේශවල බලය තිබුනෙ ලොක්කගෙ අතේ. ඒකට සමයං ඉව අල්ලන්න ගත්ත එක ලොක්කගෙ හිත රිදවන්නක් වුණා. මේ ගැටුමට පාර කැපෙන්නෙ ඒ විදියට. අංගොඩ ලොක්කගෙ කල්ලියත් සමයංගෙ කල්ලියත් අතර ඇති වු ගැටුම්වල කෙලවරක් නෑ. දෙන්න ගිණිරාමෙට මරාගත්ත අවස්ථා ඔීන තරම් තිබුණා.

සමයං අතින් අතුරුගිරිය අංගොඩ ප‍්‍රදේශවලදිම අංගොඩ ලොක්කගෙ ගෝලයො එලොව ගිය අවස්ථාත් තිබුණා. එයි්න් නැවතුනෙ නැති සමයං ඔබෙිසේකරපුරදි මාකදුර මදුශ්ගෙ හොදම ගෝලයගෙත් පන උදුර ගත්තා. මේ සියල්ල හේතුවක් කරගෙන මධුශ් වගේම අංගොඩ ලොක්කත් සමයං එලොව යවන්න ඉව අල්ලගෙන හිටිය.

මේ කතන්දර එකින් එක ගලප ගත්තු ආරක්ෂක අංශ දැන් විශ්වාශ කරන්නෙ මෙික අංගොඩ ලොක්කගෙයි මාකදුරෙ මදුශ්ගෙයි වැඩක් කියලා. සමයංගෙ බිරිද සමයංගෙ මිණිය බදාගෙන අනේ මගේ අහිංකය මරා ගත්ත කියල අඩා වැටෙද්දි කඩුවෙල රණාල ප‍්‍රදේශවාසින් මේ පාතාල රජා මැරුණ සතුටට ප‍්‍රීති ඝෝෂා නැගුව කියලයි ආරංචිය.

vlcsnap-2017-02-28-15h00m04s987

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.