Gossip

තාත්තගේ සිංදු රීමේක් කලාට මගේ අවුලක් නෑ

අපිට අමතක කරන්න බැරි මතකයක් තියලා මෙලොවින් සමු ගත්තු මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන්ට අපි හැමෝම වගේ ආදරෙයි. මිල්ටන්ගේ ගීතවත් හඩ තාමත් අපිව ඒ හඩ ලග නතර කරගන්නවා. ඉතිං ඒ මතකය විටින් විට අලූත් කරමින් මිල්ටන්ගෙ ගී බොහෝ අවස්ථාවල රනිල් මල්ලවාරච්චි ගායනා කල බව අපි දන්නවා.

කොහොම උනත් රනිල් පසුගිය කාලයේ ඔහුගේ සිය පවුලම සමගින් ඕස්ටේ‍්‍රලියාවට පදිංචියට ගියා. කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ උන්නු රනිල් පහුගියදා ලංකාවට ආවා. ඒ කෙටි නිවාඩුවකට ඉදහිට මෙහෙම ලංකාවට එන රනිල් මාධ්‍යට කතා නොකර නං යන්නෙම නෑ.

කතාවක් තියනවා රනිල් ආවේ මියුසික් වීඩියෝ එකක් කරන්න කියලා?

මිනිස්සුන්ගේ හිතට දැනෙන්න හැදුනු ගීතයක් හිට් කරන්න මියුසික් වීඩියෝ එකක් ඕන කියලා මම නං හිතන්නෙ නෑ. ලංකාවේ හැදෙන මියුසික් විඩියෝ වල එතරං හොද ගුණාත්මක තත්ත්වයක් දකිනත් නෑ.

ඇත්තටම ලංකාව අත ඇරලම දැම්ම නේද රනිල්?

එහෙම නෑ. මගේ දරුවෝ ඉගෙන ගන්නේ ඕස්ටේ‍්‍රලියාවේ. ඒ නිසා එහෙට වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කොහොමටවත් මම මේ රට අතඇරලා දාලා එහාට වෙලා ඉන්නවා නෙවෙයි. දවසක අපි ලංකාවට ස්ථීර පදිංචියට පැමිණේවි.

රනිල් එහාට වෙලා ඉන්න අතරෙ තාත්තාගෙ සිංදු මෙහේ හොදට රීමේක් වෙලා?

වැඬේ හොද විදියට වෙනවා නං මගේ අකමැත්තක් නෑ. අනික මගේ මතය නං ගීතයක් රීමේක් කරලාම එහි මුල් ශෘතිය මැරෙන්නේ නෑ කියන එකයි. තාත්තගේ ගීතයක් උනත් හොදට කරලා තියෙනවා නං මං ඒකට කැමතියි.

අද ලංකාවේ තියෙන විරහ ගීත ගැන මොකද හිතෙන්නේ?

නූතන ගීත හරිම ඒකාකාරියි වගේ දැනෙනවා. වෙනසක් දකින්න අමාරුයි. සමහර ගීත වෙන් කරලා අදුරගන්න බෑ. වචන සහ පදමාලා සමහර ඒවයේ එකම වගේ.

ඔබේ පුතා පවන් ගායකයෙක් හැටියට මේ රටේ ජනප‍්‍රියයි?

පවන් ගීත ගායනයට දක්‍ෂයි. මේ රටේදි ඔහුට හොද ප‍්‍රතිචාරත් ලැබෙනවා. ඒත් ගුවන් නියමුවෙකු වීමේ බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්න නිසා පවන් සංගීතය දෙවනි තැනට දාලා කටයුතු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.