Gossip

ශිවා අයියා මට හාර කෝටිය දුන්නා – සාරංග දිසාසේකර

Hara Kotiya Teledrama

රූපවාහිනී නාලිකාවල විකාශය වන ටෙලි නාට්‍ය අතරේ වැඩිම පේ‍්‍රක්‍ෂ ප‍්‍රතිචාරයක් දිනාගත්තු ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනියේ විකාශය වන හාරකෝටිය. මේ ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිතයට පන දෙන්නේ දක්‍ෂ යොවුන් නඵවකු වන සාරංග දිසාසේකර.

හාරකෝටිය හින්දම මේ දවස් වල අපේ රටේ බොහෝ දෙනාගේ අවධානය සාරංග කෙරෙහි යොමු වෙලා. ඉතින් සාරංග ඒ ගැන අදහස් පල කරලා තිබුනේ මේ විදියට.

මං ඇත්තටම එකකට එකක් වෙනස් චරිත තෝර ගෙන රගපාන්න කැමති කෙනෙක්. ඒක එදා ඉදන් මං උවමනාවෙන් හිතලා කරපු දෙයක් ස්වර්ණවාහිනියේ විකාශය වන හාරකෝටිය ටෙලි නාට්‍යයේ මට ලැබුනේ වෙනස්ම චරිතයක්. ඒ චරිතයට වගේම හාරකෝටිය ටෙලි නාට්‍යටත් ලැබෙන ඉහල ප‍්‍රතිචාර ගැන බලද්දි මට ගොඩක් සතුටුයි. මේ දවස් වල මම හාරකෝටිය ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලටයි වැඩිම කාලය යොදවලා තියෙන්නේ. සාරංග ඔය විදියට තමන්ට ලැබුන චරිතය ගැන අදහස් පල කරනවා වගේම හාර කෝටියේ අධ්‍යක්‍ෂ ශිවගුරුනාදන් ගැනත් සදහන් කරන්න අමතක කලේ නෑ.

ශිවා අයියගේ ගොඩක් නිර්මාණ වලට මං දායක වෙලා තියනවා. හංස පිහාටුත් ටෙලි නාට්‍යයෙත් මට ඒ වගේ ඇගට දැනෙන චරිතයක් ලැබුනා. ශිවා අයියා මට වෙනස්ම විදියේ චරිත බාර දෙනවා. හාරකෝටිය ප‍්‍රධාන චරිතයත් ශිවා අයියා මට භාර දුන්නේ එහෙමයි.

සාරංග කියන්නේ බොහොම කාර්ය බහුල නඵවෙක්. මේ දවස් වල පුංචි තිරයේ විතරක් නෙවෙයි වේදිකා නාට්‍ය කීපයකත් ඔහුව දකින්න ලැබෙනවා.
ඒකා සාක්කුවේ / මාරහොරු කියනා මේ වේදිකා නාට්‍ය දෙකේ මම රගපානවා. මේ නාට්‍ය දෙක රටපුරා යන නිසා ටිකක් කාර්ය බහුලයි. ඒත් මට ගොඩක් සතුටුයි. මට මේ වේදිකා නාට්‍ය දෙකේ රගපාන්න ලැබුන එක ගැන.

ඉතින් මේ විදියට තමන්ගේ කලා කටයුතු කියලා සාරංගගේ බලාපොරොත්තුව ඉදිරි කාලේදි සිනමාව තුලත් වෙනස්ම චරිතයක් කරලා සිනමා ලෝලීන්ව පිනවන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.