Gossip

එයා මට විශේෂයි – උදාරි

udari warnakulasooriya

උදාරිව අපේ රටේ උදවියට අමුතුවෙන් අදුන්නලා දෙන්න ඕන කෙනෙක් නෙවෙයි. උදාරි කියන්නේ මේ රටේ හැමෝගෙම ආදරේ දිනාගත්තු රුවැත්තියක්. කොහොම හරි දැන් උදාරි බිරිදක් මවක්. මේ සුන්දර අම්මා පහුගිය දවස් වල හිටියේ රටින් පිට. ඔන්න දැන් උදාරි අයෙත් ලංකාවට ඇවිල්ලා. ඇවිල්ලා නිකං හිටියේ නෑ. එයාගේ අඵත් තොරතුරු එහෙමත් තමන්ගේ රසික රසිකාවියන්ට මේ විදියට කිව්වා.

මොකද හදිසියේම ලංකාව මතක් වුනේ?

මං මේ රටින් පිටි ගියාට මට මගේ රට අමතක වෙන්නේ නෑ. මං මගේ රටට ආදරෙයි. ඉතින් දැන් දවස් කීපයකට ලංකාවට ආවා. තාත්තගේ උපන්දිනෙත් තියනවා. තව වැඩ කීපෙකුත් තියනවා කරගෙන යන්න.

මේ රටේ අයට අර කලින් හිටපු උදාරි කියන නිළිය අමතක වෙලාද මන්ද?

මගේ රසික රසිකාවියන්ට කවදාවත් මාව අමතක වෙන්නේ නෑ. මිනිස්සු මාව අදුනගත්තේ කලාව නිසා. මැරෙණ තුරාවට මං කලාව අතඅරින්නේ නෑ. කලාවටත් මේ රටේ රසික රසිකාවියන්ටත් මං හරිම ආදරෙයි. එයාලටත් මාව කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඔය තරම් ආදරේ නම් කලාව අතෑරලා රට ගියේ ඇයි?

නිළියක් උනාට මාත් අම්මා කෙනෙක්නේ. අම්මෙක්ගේ අතින් ඉටු විය යුතු යුතුකම් ඉටු කරන එක මගේ වගකීම. ඒ වගකීම වෙනුවෙන් ඕනම කෙනෙක්ට තදින් ආදරේ කරන දේවල් උනත් අතාරින්න වෙනවා. කොහොමටත් මේ නිහඩකම ටික කාලයයි.

දැන් කොහොමද දුව?

හරිම හොදයි. දැන් එයා මොන්ටිසෝරි යනවා. එයාගේ වගකීම් වෙනුවෙන් තමයි මම ටික කාලෙකට විදෙස්ගත වුනේ. දුවගේ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ සිංගප්පූරුවේ. ඉතින් මට ටික කාලයක් සිංගප්පූරුවේ ඉන්න වෙනවා.

හස්බන්ඞ් වෛද්‍යවරයෙක්. ඔයාගේ කලා කටයුතු හින්දා එයාට යකා නගින්නේ නැද්ද?

අපෝ නෑ. සුජිත් මට විශේෂයි. එයා මගේ ජීවිතේට අති විශේෂයි. සුජිත්ට ඕන නම් මගේ සැමියා විදියට මට නීති දාලා මාව කලාවෙන් අයින් කරන්න තිබුනා. ඒත් අද වෙනකල් එයා එහෙම එපා කියලා නෑ. ඔහු මගේ කැමැත්තට ඉඩ දෙනවා වගේම ඒකට ලොකු සහයෝගයකුත් දෙනවා. ඒකයි මං කියන්නේ මගේ සැමියා මට විශේෂයි කියලා.

අම්මා කෙනෙක් උනාට පස්සේ ඔයා ගොඩක් ලස්සන වෙලා නේද?

හොදට කනවා බොනවා හිතේ සැහැල්ලූවෙන් සතුටින් ජීවත්වෙනවා. අනුන් දිහා කුහකකමින් බලන්නේ නෑ. අපි තුන්දෙනාම දැන් ජීවත්වෙන්නේ එක ගෙදර. පුංචි පවුලක් හැටියට අපි හරි සතුටින් ඉන්නවා. මගේ ලස්සන වීමේ රහස ඒක වෙන්න ඇති.

16831400_10206447476184271_582798847_n 16837986_10206447476264273_1392499845_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.