Gossip

සිසුන් දෙදෙනාට පහරදුන් ඇදුරුතුමාට වැඩ වරදී

වයඹ සරසවියේ කථිකාචාර්යවරයාට නිවාඩු ශිෂ්‍යයන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ද වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයව අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ සිද්ධිය ගැන මුලික පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇති බවයි.

වයඹ විශ්වවිද්‍යායේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි කථිකාචාර්යවරයෙකු පහර දෙන ආකාරය සී.සී.ටි.වී කැමරාවල පටිගත වි තිබුණා. වයඹ විශ්වවිද්‍යාලයේ පශූ සම්පත් ධිවර හා පෝෂණ පිඨ ශිෂ්‍ය සංගමය පවසන්නේ ආහාර විද්‍යාව උගන්වන කථිකාචාර්යවරයෙකු මේ පහරදිම සිදුකර ඇති බවයි. එම කථිකාචාර්යවරයා තවත් සිසුන් තිදෙනෙකුට පහරදි ඇති බවටද චෝදනා ලබා සිටිනවා.

මේ සම්බන්ධයෙන් සිසුන් පොලිසියටද පැමිණිලි කර ඇති අතර පොලිස් පරීක්ෂණයක්ද ක‍්‍රියාත්මකයි. ඊට අමතරව වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුමිත‍්‍ර ජයසේකර මහතාගේ මැදිහත්විමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්ද ක‍්‍රියාත්මක වනවා. විශ්වවිද්‍යාලයේ සිදුකළ මුලික පරික්ෂණයෙන් අනතුරුව අදාල කථිකාචාර්යවරයා අනිවාර්ය නිවාඩු ලැබුණා.

ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන සාකච්ඡුා කිරීමට වයඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ලබන සතියේ රැස්වීමටද නියමිතයි. පහරදීම සිදුකර තිබුණේ ආහාර විද්‍යාව සම්බන්ධ කථිකාචාර්යවරයෙක්.

සරසවි සිසුන් පන්නල පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර තිබෙනවා. එම පැමිණිල්ල අද දිනයේදි සලකාබැලෙන බවද වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.