Gossip

බ‍්‍රාවෝ මුහුණ දුන් රිය අනතුර ගැන අජිත් විතානගේ ආවේගශීලීව කිව්ව කතාව

පෙම්වතුන්ගේ දිනය බොහෝ දෙනාට සතුටු වෙන්නට යෙදී තිබුන දිනයක්. ඒත් ඒ සුන්දර දවස බ‍්‍රාවෝ සංගීත කණ්ඩායමට නම් අසුන්දර දවසක් වුනා. ඒ එදා ඔවුන් කතරගම බලා යද්දී දෙබැරවැව ප‍්‍රදේශයේදී දරුණු අණතුරකට ලක්වීම නිසයි. කතරගම ප‍්‍රදේශ බලා යන බ‍්‍රාවෝ සංගීත කණ්ඩායම රැගත් වෑන් රථයේ විරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක හැපුනා. කන්ටේනර් රථයේ රියදුරාට නින්ද ගියා කියලයි කියන්නේ.

මේ අනතුරෙන් දරුණු ලෙස තුවාල ලබපු සංගීත කණ්ඩායමේ ශිල්පීන් තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතවයි ඉන්නේ. ඒත් මේ අනතුරෙන් පස්සේ සිද්ධ වුන පරික්‍ෂණ ගැන නම් මේ සංගීත කණ්ඩායමේ නායක අජිත් විතානගේ ඉන්නේ ඉතරම් පැහැදීමකින් නෙවෙයි.

මේ අජිත් ඒ ගැන කියපු කතාව.

අපේ වෑන් එක කතරගම පැත්තට යද්දි තමයි පැත්තක යන ලොරිකාරයෙක් ඇවිල්ලා මේ අණතුර සිද්ධ කලේ. මේ ලොරිකාරයා එන්නේ රෝන් සයිඞ්.
මාරාවේෂවෙලා වගේ ආපු ලොරිකාරය පාරේ දෙපැත්තේ තිබුණු වැටවලූත් කඩන් ඇවිල්ලයි නතර කරන් හිටපු අපේ වෑන් එකේ හප්පන්නේ. ඇත්තම කිව්වොත් මේ ලොරියේ ගෙනියන්න පුඵවන් බඩු ප‍්‍රමාණයටත් වඩා බඩු පටවලා තියනවා. ඒකත් මේ අණතුරට හේතුවක්.

දැන් තුවාල කාරයන්ගේ තත්ත්වේ කොහොමද?

11 දෙනෙකුට මාරාන්තික තුවාල සිද්ධ වුනා. 03 දෙනෙකුට බරපතලයි. ඩ‍්‍රයිවර් ඉන්නේ ලේ වමනේ දාමින්. බෑන්ඞ් එකේ එක්කෙනෙක්ගේ බඩට ලේ බහිනවා. ඇත්තටම ඔවුන් ගැන හිතද්දි හරිම කණගාටුයි.

ඉතින් ලොරියේ හිමිකාරයා රෝගීන් බලන්න ආවේ නැද්ද?

එකෙක්වත් ආවේ නෑ. අඩුම තරමේ මොකද කියලා කෝල් එකක් දීලා අහන්න පුඵවන්නේ. ඒත් නෑ. මේ මාතර පැත්තේ කම්පැනි එකකට අයිති ලොරියක්. හමුදා කදවුරු වලට ආහාර පාන සපයන තැනක් මෙතන.

පොලිස් පරික්‍ෂණවල තත්ත්වේ කොහොමද?

ඒ ගැන කියන්න කණගාටුයි මේ පරික්‍ෂණ සිදු කලේ. වීරවිල පොලිසියෙන් පොලිසියෙන් උදේ 09 ට මේ රියදුරා උසාවියට දාලා 10 වෙද්දි ඇප දීලා. මේ තරම් දරුණු රිය අනතුරක් කරපු රියදුරෙකුට එහෙම ඇප දෙන්න පුඵවන්ද කියලා මම දන්නේ නෑ. පොලිසියේ අයට තිබුනා මේ අනතුරේ ඇත්ත තත්ත්වය පහදලා ඇප දෙනවට විරුද්ධ වෙන්න. ඒත් ඔවුන් එහෙම කරලා නෑ. දෙදෙනෙක්ට බරපතලයි කියලා ඔවුන් දන්නවා. ඒත් ඔහු ඇප දීමට විරුද්ධ නැති වීම
කණගාටුවට කරුණක්.

ඔයා මේ ලොරියේ හිමි කාරයට කතා කරලා බැලූවේ නැද්ද?

මම ඔහුට කතා කලා. කතාරකලා කිව්වා කෝටිපතියෙක් වුනාට කමක් නෑ මනුෂත්වයේ නාමයෙන් ගිහින් ලෙඞ්ඩුන්ගේ තත්ත්වය බලන්න කියලා. බැරිම නම් අඩුම තරමේ ගෙදර අතුගාන එකා හරි ඉස්පිරිතාලෙට යවලා ලෙඞ්ඩුන්ට මොකද කියලා බලන්න කියලා. ඉන් එහාට ඔහුට කියන්න දෙයක් මට ඉතුරු වෙලා නෑ. දැන් මට තියෙන්නේ මගේ බෑන්ඞ් එකේ කොල්ලෝ ටික ගොඩ දාගන්න විතරයි. මේ බෑන්ඞ් වල ඉන්න කොල්ලෝ ලස්සනට හිටියට උන් හැම එකාම දුප්පත් හරි අසරණයි. මේ ලොරිකාරයා උන්සේ රම කබලෙන් ලිපට දැම්මා.

unnamed (1) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (10) unnamed (11) unnamed (12)

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.