Gossip

පුංචි කෙල්ලට බාප්ප කල නරුම වැඬේ

මහීසගේ වයස අවුරුදු 10 යි. රෝස මලක් වගේ හුරු බුහුටි මලක් වගේ පුංචි කෙලි පැටියා. දුප්පත් පවුලකයි හැදිලා වැඩුනේ. මහීෂගේ අම්මටයි තාත්තටයි මහ ලොකු අදායම් තත්වයක් නෑ. ඒ හින්දම මහීසගේ අම්මයි තාත්තයි කලේ කුලී වැඩ කළේ. උදේ ගෙදරින් යන අම්මයි තාත්තයි ආයේ ගෙදර එන්නේ හවසට. උදේට ඉස්කෝලෙට යන මහීස ආයේ ගෙදර එන්නේ දවල්ට. අම්මා උදේට දවල්ටත් එක්ක උයලා යන දෙයින් තමයි මහීසා දවල්ට බඩ පුරවා ගන්නේ.

අම්මයි තාත්තයි හවස ගෙදර එනකන් මේ පුංචි එකී ගෙදර පුරා දුව පැන සෙල්ලම් කරනවා. ජීවිතයේ හයක් හතරක් නොදන්න මේ අහිංසකීට සමාජයේ ඉන්න සමහර මිනිස්සුන්ගේ තිරිසන් ගතිගුණ ගැන තේරුම් ගන්න බෑ. මේ සියල්ල අතරේ පුංචි සුරංගනාවි දිහාවට උකුසු ඇස් දෙකක් යොමු වෙලා තිබුනා. මිනිසත්කම වසාගෙන තිරිසන්කමින් ජීවිතය පුරවගෙන උන්නු මේ ඇස් දෙකේ හිමිකාරයා හැමදාමත් පුංචි මහීස දිහා ගිජු බැල්මන් හෙලමින් හිටියා.

මේ වෙන කවුරුත් නෙවෙයි මහිසගේම බාප්පා. අවුරුදු 47 ක් වයස මේ තිරිසන් මිනිහා ටිකෙන් ටික මහීසා තමන්ට හීලා කර ගත්තා. ටොපි චොක්ලට් ගෙනත් දෙන බාප්පගේ යටි හිතේ තියන තිරිසන් ආසාව මේ අහිංසකී දැනගෙන හිටියේ නෑ. පුංචි මහීසා මේ බාප්පගේ ගොදුරුක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. අසල්වාසීන්ගෙන් ලැබුන තොරතුරකට වේයන්ගොඩ පොලිසියෙන් මේ බාප්පා අත්අඩංගුවට ගත්තා. මහීසගෙන් කල ප‍්‍රශ්න කිරීම් වලදි පොලීසියට දැනගන්න ලැබුනේ කාලයක සිට මේ තිරිසන් බාප්පා අතින් පුංචි මහීසට ලිංගික හිරිහැර සිද්ධවෙලා තියෙන බවක්. වේයන්ගොඩ දඹගමුව ප‍්‍රදේශයේ පදිංචි බාප්පා බන්ධනාගාර ගත කරන්නත් මහීසා වෛද්‍ය පරික්‍ෂණයක් සදහා වතුපිටිවල රෝහලට ඉදිරිපත් කරන්නත් අධිකරණය නියෝග කරලා තියනවා.

හයක් හතරක් නොදන්න පුංචි දරුවෝ නිවෙස් වල අනාරක්‍ෂිතව දාලා රැකියාවට යන අම්මලා තාත්තලාට මේ ප‍්‍රවෘත්තියෙන් පස්සේ තමන්ගේ දරුවො ගැන දෙවතාවක් හිතන්න ඕන කියලා හිතෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.