Gossip

ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් සියදිවි හානිකරගනී

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් සියදිවි හානිකරගත් පුවතක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස ගෙලවැළලාගෙන මියගොස් ඇත්තේ දකුණු ඉන්දියාවේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන 33 හැවිරිදි සංගීතා බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන්නේ. ඇය සිය සැමියාගෙන් වෙන්වී තම පුතු සමඟ තමිල්නාඩුවේ මහල් නිවාස සංකීර්ණයකයි ජීවත්ව ඇත්තේ. පසුගියදා ඇගේ පුත්‍රයා ඔහුගේ මිත්තණියගේ නිවසට ගොස් තිබෙනවා. පසුව ඔහු එහි සිට තම මවගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගෙන ඇති අතර එම ඇමතුම් සඳහා ප්‍රතිචාර නොලැබුණු පසු නැවතත් ඔහු සිය නිවසට පැමිණ තිබෙනවා. පසුව තම නිවස ඇතුලතින් අගුලු ලා තිබීම හේතුවෙන් මේ පිළිබඳව සැකසිතී ඔහු පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිසිය පැමිණ නිවසේ දොරගුළු කඩා නිවස තුලට ඇතුළුවී ඇති අතර එහි තිබී මෙම රංගන ශිල්පිණියගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ වනවිට දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට රැඟෙන ගොස් තිබෙනවා.

තමිල්නාඩු පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.