Gossip

දොස්තර ලෙඩේ කිව්වම කොන්දොස්තර දිවි නසාගෙන

suicide

තුනටියෙන් පහළ කොටස අප්‍රාණිකවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරයා පැවසීම නිසා ඉන් සිත් තැවුලට පත් බස් කොන්දොස්තරවරයෙකු පසුගිය (08) දා රාත්‍රියේ බාල්කයක එල්ලී සියදිවි නසා ගැනීමේ පුවතක් කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වසරක පමණ කාලයක සිට පිටකොන්දේ හටගත් වේදනාවකින් පෙළුණු යුද හමුදාවේ කොප්‍රල්වරයෙකුව සිට ඉන් ඉවත්ව බස් කොන්දොස්තරවරයෙකු සේ සේවයේ නියුතු අනුරුද්ධ ප්‍රසාද් චන්ද්‍රසේකර නැමති විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකි. මොහු අනුරාධපුර කහටගස්දිගිලියේ කළුවර ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටිමින් යුද හමුදාවේ සේවයේ නිරතව සිට මීට වසර තුනකට පමණ පෙර හමුදා සේවයෙන් ඉවත්වූ අයෙකි.

මොහු මියගිය පුවත පොලීසියට දැනුම් දී ඇත්තේ එම නිවසේ සිටි කාන්තාවකි. ඇය මෙම සිද්ධිය 119 අමතා පොලීසියට දැනුම් දී තිබෙනවා.

මෙම පැමිණිල්ල අනුව ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ කටයුතු සිදු කළ අතර, මත්තේගොඩ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කෝට්ටේගොඩ මහතා මුලික ස්ථානීය පරීක්ෂණය පවත්වා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල රෝහලේ මුර්ත ශරීරාගාරය වෙත යොමු කළේය.

උපුටාගැනීම දිවයින පුවත්පතෙන් 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.