Gossip

අනියම් පෙම ගිණියම් වෙයි

අනියම් සැමියා විසින් තමන්ගේ අනියම් බිරිද නිවසක් තුල අද දහවල් ගිනිතබා ඝාතනය කොට තිබෙනවා.

කතාන්දරේ ඇතුලාන්තය මේකයි.

ඇය අතුරුගිරිය වානගුරු මාවතේ සුවිසල් නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටී කාන්තාවක්. ඇගේ ගම අනුරාධපුර දෙමලසිරික්කුලම. ඇය 34 හැවිරිදි විවාහක කාන්තාවක්. සුවිසල් නිවසේ වයසක කාන්තාවක් බලා ගැනීම ඇගේ රැකියාව වුනා. අද හදිසියේම මේ නිවසේ හිමිකාරිය වන වයෝවෘද්ධ කාන්තාවගේ කෑගැහිල්ලට අසල්වාසීන් මේ නිවසට පැමිණියා. එහිදි දකින්නට ලැබුනේ මෙම නිවසේ මෙහෙකාර කාන්තාව ඇගේ කාමරයේ ඇද මත අධික ලෙස පිලිස්සී මිය ගොස් ඇති බවයි.

මේ අතර ගිනි ගනිමින් සිටින පුද්ගලයකු මහපාරේ දිව යනු ප‍්‍රදේශවාසීන් දැක තිබෙනවා. පසුව අසල්වාසීන් මෙම පුද්ගලයා තලංගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ගත කොට තිබෙන මෙම පුද්ගලයා පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පදිංචි 33 හැවරදි පුද්ගලයෙකි. මොහු ගිනි ගැනීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ ගැහැණියගේ අනියම් පුරුෂයා බවත් ඔහු විසින් කාන්තාවට ගිනි තබා ඔහු ද ගිනි තබා ගන්නට ඇති බවත් අතුරුගිරිය පොලිසිය අනුමාන කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.