Video

රුසියානු කාන්තාවකට අතවර කරන්න හැදු පොලිස් නිලධාරීන්ට වෙච්ච දේ

රුසියානු කාන්තාවකට ලිංගික අතවර කිරිමේ චෝදනාව මත ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස වෙරළ තීරයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන හා කන්තලේ ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ගල්කිස්ස මුහුදේ දිය නාමින් සිටියදී තමන් ලිංගික අතවරයකට ලක්වූ බවට රුසියානු කාන්තාවක් ඊයේ පස්වරු 6.40 ට පමණ ගල්කිස්ස වෙරළ තීරයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පලායාමට උත්සහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් එම පොලිස් නිලධාරින් ගල්කිස්ස වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි ජිවිතාරක්‍ෂක නිලධාරින් සමග එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. සැකකරුවන් ඇමති ආරක්ෂක කොට්ඨාසය අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් රියදුරෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් 27 වැනි වියේ සහ 47වැනි වියෙහි පසුවෙනවා. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.