Gossip

ට්‍රම්ප්ගේ නියෝගයෙන් ගූගල් සමාගම අනාථයි

ප්‍රධාන මුස්ලිම් රටවල් හතක ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම නවත්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝගයක් දීමත් සමඟ ලෝ ප්‍රකට ගූගල් සමාගම තම සේවකයන් නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව නිවාඩු ගෙන ඇමෙරිකාවෙන් පිටව යමින් සිටින තම සේවකයන්ට නැවත පැමිණෙන්නැයි ගූගල් සමාගම දැනුම් දී ඇත.

ප්‍රධාන මුස්ලිම් රටවල් හතක සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා නියෝගයක් පැනවීය.

මේ අතර ඉදිරියේදී දැනුම් දෙන තුරු සිරියානුවන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර ඇත.

ඉදිරි මාස තුනක කාලයේදී ඉරානය හා ඉරාකය ඇතුළු රටවල් හයකට ජාතිකයන්ට වීසා නොදීමට ද ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මෙම නියෝග අනුව ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව සහ ලිබියාව ආදී රටවල දහස් ගණනකට ඇමෙරිකාවට ගමන් කරන ගුවන් යානාවලට ගොඩවීමට අවසර නොලැබෙනු ඇතැයි පැවසේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම නියෝග හේතුවෙන් ලොව පුරා රටවලින් සේවකයන් යොදාගන්න ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මයික්‍රොසොෆ්ට්, ගූගල් වැනි සමාගම් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයිද එම වාර්තාවල දැක්විණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.