Gossip

ට්‍රම්ප් අමෙරිකාවට එපා කියූ රටවල් 7 මෙන්න

donald trump

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට අමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරලා තියනවා.

අනවසර සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීමට නොහැකි අයුරින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට අමෙරිකාවේ ජනපතිවරයා තීරණය කර ඇති අතර ඔහුගේ මැතිවරණ පොරොන්දු අතරට ද මෙය එකතුවී තියනවා.

සිරියාව, ඉරාකය සහ ඉරානය ද ඇතුළුව වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ඉන්න මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් හතක පුරවැසියන් සඳහා දැඩි වීසා නීතිරීති පැනවීමේ හැකියාව පිළිබඳව සළකා බලන බව ද ඔහු මෙහිදී කියලා තියනවා.

මේ අතර අමෙරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශසීමාව ඔස්සේ තාප්පයක් බැඳීම ඇතුළුව ජාතික ආරක්ෂාව පිළිබඳව තීරණාත්මක දිනයක් වෙනුවෙන් සැලසුමක් තමන් සතුව පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.