gossip_bulletin

බස් එකයි කන්ටේනර්යයි හැප්පිලා ත්‍රිවීල් එකයි කාර් එකයි කුඩුපට්ටම් වෙලා වෙච්ච මාරාන්තික රිය අනතුර

බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ බටලීය හංදිය ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ.

වරකාපොළ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බස් රථය පෙරළී ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.