Gossip

දකුණු අප්‍රිකානුවන් අන්දමන්ද කරමින් සිංහයන් T20 දෙවැනි තරඟය දින්නේ මෙහෙමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පන්දුවාර විස්ස තරගය ඊයේ (22) පැවැත් වුණා.

මේ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තා.

ඒ කණ්ඩායම් දෙකම කරට කර හැප්පීම නිසයි.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 113ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සදකැන් කඩුළු 4ක් දවා ගැනීම විශේෂ සිදුවීමක් වුණා.

ඉසිරු උදාන කඩුළු තුනක් දවාගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුළු 7ක් දැවී ලකුණු 119ක් ලබාගනිමින් ජය වාර්තා කළේ පන්දුවාර 19යි පන්දු 4ක් තුළදීයි.

පන්දුවට පහරදීමේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක මැතිව්ස් නොදැවී ලකුණු 54ක් ලබාගත්තේ සුපිරි 6 පහර 3ක් ද එක්වයි.

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් නරඹන්න….

 


 

score-card

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.