Gossip

මහවැලි ගඟේදී ජීවිතය හැර ගිය පුංචි ළමයි

ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නාන්න සිසුන් පස්දෙනෙක් ගිහින්. ඔවුන් උලපනේ උඩගම සරණපාල මහා විද්‍යාලයේ නව වෙනි වසරේ ඉගෙන ගන්න එකම පන්තියේ යාලුවෝ.

ගඟේ පහළින් දිය නාපු මිතුරන් ගල් තලාව මතින් ගඟ ඉහළට ගමන් කරද්දී එක් මිතුරෙක් පය ලිස්සලා මහාවැලි ගඟට වැටිලා. එයාව බේරගන්න ගිය තවත් මිතුරන් දෙන්නෙකුත් ඊයේ ගහගෙන ගිහින්. තමන්ගේ මිතුරන් තිදෙනා දියා ගහගෙන ගිය බව දැනගත්තු ඉතුරු මිතුරන් තිදෙනා නැවත නිවසට පැමිණියත් සිදුවූ දෙය පිළිබඳව කිසිවෙකුටත් දන්වා නැහැ.

ඊයේ රාත්‍රී තම දරුවන් නිවසට නොපැමිණීම පිළිබඳව කලබල වූ ඔවුන්ගේ මව්පියන් සිදු දේ පිළිබඳව තොරතුරු සොයා ගත්තා.

අද පෙරවරුවේ ගම්පල පොලිසිය කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි නාවික හමුදා කිමිදුම් කරුවන් ගඟේ ගැඹුරු ස්ථානයක සිරවී තිබු දරුවන්ගේ සිරුරු සොයාගත්තා.

මව්පියන් පවසන්නේ පාසලේ අමතර වැඩකට යන බව පවසා ඔවුන් නිවසෙන් පිටත් වූ බවයි.

දරුවන්ගේ සිරුරු පස්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවල පිටිය රෝහලට රැගෙන ගිය අතර මේ සම්බන්ධයෙන් ගම්පළ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.