gossip_bulletin

ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයට එරෙහිව දසසිල් මාතාවක් උපවාසයක

අද උදෑසන 6 පමණ සිට සිය අනන්‍යතාවය හෙළි නොකරන දසසිල් මාතාවක් ශ‍්‍රි දළදා මාළිගය ඉදිරිපිට උපවාසයක නිරත වනවා. එම දසසිල් මාතාව පවසන්නේ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයට එරෙහිව මේ උපසාවය සිදුකරන බවයි.

මහනුවර ශ‍්‍රි දළදා මාළිගයේ ප‍්‍රධාන වාහල්කඩ දොරටුව අසල මෙම දසසිල් මාතාව උපවාසය ආරම්භ කර තිබෙනවා. එම සිල් මාතාව පවසන්නේ ජනතාවට දහසකුත් පොරොන්දු දී පත්වුණු වත්මන් රජය ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට දෙකඩ කිරීමේ සුදානමක් පවතින බවයි.

දේශිය සම්පත් විජාතිකයන්ට පැවරීම අත්හිටුවන ලෙසද එම දස සිල් මාතාව ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.