Bollywood

ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනූ මල්ලව පොර තරගය DANGAL

පසුගිය සති අන්තයේ පැවැත්වුණු 62 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී 2016 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘දන්ගල්’ සිනමා පටයයි.

එහි නිර්මාපක නිතේෂ් තිවාරි 2016 වස‍ෙර් හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනූ අතර හොඳම නළුවා ලෙස සම්මාන දිනූයේ ‘දන්ගල්’ හි ප්‍රධාන චරිතය රඟපෑ අමීර් ඛාන් ය. මේ ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළක හොඳම නළුවා ලෙස සම්මානිත තෙවැනි අවස්ථාවයි. මෙයට පෙර ඔහු රාජා හින්දුස්තානි (1997) හා ලගාන් (2002) යන චිත්‍රපටවල රඟපෑම් සඳහා ද ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන දිනා ගත්තේ ය.

හොඳම චිත්‍රපටය – දන්ගල්

හොඳම නළුවා – අමීර් ඛාන් (දන්ගල්)

හොඳම නිළිය – අලියා භාත් (උද්තා පන්ජාබ්)

හොඳම අධ්‍යක්ෂ – නිතේෂ් තිවාරි (දන්ගල්)

හොඳම සහාය නළුවා – රිෂි කපූර් (කපූර් ඇන්ඩ් සන්ස්)

හොඳම සහාය නිළිය – ෂබානා අස්මි (නීර්ජා)

ෆිල්ම් ෆෙයාර් විචාරක සම්මාන – හොඳම චිත්‍රපටය නීර්ජා

ෆිල්ම් ෆෙයාර් විචාරක සම්මාන – හොඳම නළුවා – සහීඩ් කපූර් (උද්තා පන්ජාබ්) සහ මනෝජ් බජ්පායි (අලිගාර්)

ෆිල්ම් ෆෙයාර් විචාරක සම්මාන – හොඳම නිළිය – සෝනම් කපූර් (නීර්ජා)

හොඳම සංගීතය – ප්‍රීතම් (ආඒ දිල් හයි මුෂ්කිල්)

හොඳම ගායකයා – අරිජිත් සිං (ආඒ දිල් හායි මුෂ්කිල්)

හොඳම ගායිකාව – නේහා භාසින් (සුල්තාන්)

හොඳම දෘෂ්ඨි ප්‍රයෝග – රෙඩ් චිලීස් (ෆෑන්)

හොඳම සංස්කරණය – මොනිෂා බල්ද්වා (නීර්ජා)

හොඳම තිර රචනය – ෂාකුන් බත්රා සහ අයේෂා

දේවිත්‍රෙ ඩිලන් (කපූර් ඇන්ඩ් සන්ස්)

හොඳම ක්‍රියාදාම – ශ්‍යාම් කෞශල් (දන්ගල්)

නව සංගීත දක්ෂතා සඳහා ෆිල්ම් ෆෙයාර්

ආර්.ඩී. බර්මන් සම්මානය – අමිත් මිෂ්රා බුලෙයා සහ ආඒ දිල් හායි මුෂ්කිල් සඳහා

‍ෆිල්ම් ෆෙයාර් යාව ජීව කර්තව්‍ය සම්මානය – ශතෘගන් සිං

නිර්භීත ඉන්දීය ගුවන් සේවිකාවකගේ සත්‍ය කතා පුවත ඇතුළත් වූ ‘නීර්ජා’ ද මෙහිදී සම්මාන හතරක් දිනා ගත්තේය. බොලිවුඩයේ අංක එකේ නළුවා වන ෂාරුක් ඛාන් රඟපෑ ‘ෆෑන්’ චිත්‍රපටයට මෙම සම්මාන උලෙළේදී හිමි වූයේ එක’මෙක සම්මානයක් පමණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.