Gossip

ලොව ජනගහනයෙන් අඩක් සතු ධනය පරිහරණය කරන්නේ 8දෙනා මෙන්න

ලොව පුරා දුප්පත් පෙහොසත් පරතරය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. ඒ බව මනාව පසක් කරන දත්ත වාර්තාවක් පසුගියදා ලොව පුරා ප්‍රසිද්ධත්වයට පත් වුණා. ඒ මේ වනවිට ලොව ජනගහනයෙන් හරි අඩක් සතු ධනය තරම් ධනයක් මිනිසුන් අටදෙනකු විසින් පාලනය කරනවා යන්නයි.  

එනම් ලොව දිළිදුතම ජනගහනය වන බිලියන 3.6ක ජනයා තුළ තිබෙන ධනයට වඩා, ධනවත්ම මිනිසුන් 8 දෙනා සතු ධනය ඉහළ බව පැවසෙනවා. ගෝලීය දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ අවධානය යොමු කරන ජාත්‍යන්තර සම්මේලනයක් වන %ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල්^ සංගමයේ නව සමීක්ෂණ වාර්තාවකට අනුව මේ කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින බිල්ගේට්ස්, වොරන් බුෆේ්, කාර්ලෝස් ස්ලිම්, ජෙෆ් බෙසෝස්, මාර්ක් සකර්බර්ග්, ඇමැන්සියෝ ඕටෙගා, ලැරී එලිසන් සහ මයිකල් බ්ලූම්බර්ග් සතු මුළු ධනය ඇ.ඩොලර් බිලියන 426 ක් බවද ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

සිව් වසරක් තිස්සේ ලෝක ආර්ථික සම්මේලනය විසින් වර්ධනය වෙමින් පවතින ආර්ථික අසමානතාවය, සමාජ ස්ථාවරත්වයට ප්‍රධාන තර්ජනයක් වී ඇති බව හඳුනාගෙන තිබූණද දැන් දැන් එම ගැටළුව තව තවත් නරක අතරට හැරෙන බව ඔක්ස්ෆෑම් සංවිධානය පවසනවා.

ලෝක නායකයන් මෙම අසමානතාව අඩු කිරීමට ගෝලීය අරමුණු අත්සන් තැබූවද මෙම ධනවතුන් සහ සෙස්සන් අතර පරතරය පුළුල්වම පවතින බවද ඔවුන් සඳහන් කරනවා. එසේම මෙම ධනවතුන් අතරද දැඩි ස්ත්‍රී පුරුෂ විෂමතාවයක්ද පවතින බව පැවසෙන අතර ලොව පුරා 1,810 පමණ ප්‍රකෝටිපතියන් අතරින් 89ක්ම පුරුෂයින් බවද වාර්තා වෙනවා.

අනුෂි දන්තනාරායන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.