Gossip

වැස්ස ළඟ ළඟම එනවලු

දිවයින හරහා හමායන සුළං ප්‍රවාහයේ වෙනස්වීමක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පෙරේදා (17දා) පැවැසීය.

ඒ අනුව ජනවාරි 20 දින උතුරු නැඟෙනහිර ප්‍රදේශවලටත් ඉන් පසුව එළැඹෙන දින 3ක පමණ කාලයක් සෙසු ප්‍රදේශවලටත් වැසි අපේක්ෂා කළ හැකි බව නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

කෙසේ වෙතත් ඊශාන දිග මෝසම් සුළං පවතින මේ කාලයේදී තද වැසි අපේක්ෂා කළ නොහැකි බව පැවැසූ බණ්ඩාර මහතා පැවැතිය හැකි වර්ෂාපතනය ගෙවුණු වකවානුවේ පැවැති නියං තත්ත්වය සමනය වීමට තරම් ප්‍රමාණවත් නොවන බවද ‘මව්බිම’ කළ විමසීමකදී සඳහන් කෙළේය.

වැසි පවතින කාලවකවානුවේදී දැනට පවතින අධික සීතල ස්වාභාවයේ අඩු වීමක් සිදුවන බවද නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

පණ්ඩුක සමරසේකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.