Gossip

මව අවසන් හුස්ම හෙළද්දී දියණියද ඇය හා එක්වෙයි

අකුරැස්ස, කනහලාගම ප්‍රදේශයේ එකම නිවෙසක පදිංචි 72 හැවිරිදි වයෝවෘද්ධ මවක් හදිසියේම මියගිය අවස්ථාවේදී ඉන් කම්පාවට පත්වූ 52 හැවිරිදි තිදරු මවක් වන ඇයගේ දියණියද ඒ මොහොතේම හෘදයාබාධයකින් මියයෑමේ ශෝකජනක පුවතක් කනහලාගමින් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ, වෙත්තසිංහ කරුණාවතී (72) නමැති වයෝවෘද්ධ මව හා ඇයගේ දියණිය වූ ඉන්ද්‍රානි රාජපක්ෂ (52) මහත්මියයි.

ඉකුත් පෝය දින (12දා) උදෑසන නිවෙසේ ආලින්දයේ සිට සිය මවට උදේ ආහාරය කවමින් සිටියදී අසනීප වූ ඇය එක්වරම අවසන් හුස්ම පිටකර ඇති අතර මෙය දුටු කෑම කවමින් සිටි දියණිය මහ හ¾ඩින් කෑගසා ඇති අතර ඇයද අසල පුටුවක හිඳගෙන මියගොස් තිබිණි.

කෑගසීමේ හඬ ඇසුණු අවට නිවැසියන් පැමිණ කඩිනමින් දෙදෙනාම අකුරැස්ස රෝහල වෙත ගෙන ගියද ඒ වනවිටත් දෙදෙනාම මියගොස් තිබිණි.

ඉන්ද්‍රානි රාජපක්ෂ මහත්්මියගේ දියණිය වන රසිකා මදුරංගනී (22) අකුරැස්ස රෝහලේදී පැවැති මරණ පරීක්ෂණයේදී ඉහත සඳහන් කරුණු සියල්ල අනාවරණය කළාය.

අකුරැස්ස කොට්ඨාස 2 හදිසි මරණ පරීක්ෂක කේ. අනුර ප්‍රේමසිරි මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මවගේ මරණය ස්වාභාවික මරණයක් බවත් දියණිය හෘදයාබාධයකින් මරණයට පත්වී ඇති බවත් තීරණය කෙරිණි. අකුරැස්ස පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවිය.

අකුරැස්ස – විදුල සහන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.