Gossip

ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිවෙන්නේ මෙහෙමයි

ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරිමේ කටයුතු ඉන්දියාවේදී ආරම්භ වී ඇතැයි www.bdcrictime.com වෙබ් අඩවිය වාර්තා කරයි. ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් ඉදිකිරීමේ ආරම්භ කර ඇති මෙම ක්‍රිඩාංගණය අක්කර 63ක් පුරා විහිදී ඇතැයි එම පුවත් සේවය වාර්තා කරයි.

අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ මෙහි ඉදිකිරිම් ආරම්භ කර තිබේ. ප්‍රේක්ෂකයන් 110000ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයමින් ඉදිවෙන ක්‍රීඩාංගණය සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වෙයි.

මෝටර් රථ 3000කට හා යතුරුපැදි හා ත්‍රීවීලර් රථ 10000කට ගාල් කිරිමේ පහසුකම් සහිතව මෙම ක්‍රීඩාංගණය ඉදිවෙන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ  ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණයද වෙනු ඇත.

ක්‍රීඩා සංකීර්ණක් ලෙස මෙහි ඉදිකිරීම් සිදුකරන අතර එයට ඔලිම්පික් තරගාවලි සඳහා යොදාගන්නා පිහිනුම් තටාකයක විශාලත්වයෙන් යුතු පිහිනුම් තටාකයක්ද ඇත.

වසර දෙකකින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. ගුජරාට්හි පැවැති සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය වෙනුවට මෙය ඉදිකෙරයි. 90000ක ප්‍රමාණයකට පහුසුකම් ඇති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වන විට ලෝකයේ පවතින විශාලම ක්‍රීඩාංගණය ලෙස පිළිගැනෙයි.

 

&NCS_modified=20170117083934&MaxW=640&imageVersion=default&AR-170119325

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.