gossip_bulletin

අනුන්ගේ බයික් එකක් තමන්ගේ වගේ අරගෙන යන මෙහෙමත් හොරෙක්

අම්පාර ප‍්‍රදේශයේ පසුගිය දිනවල සිදුවු යතුරුපැදි සොරකම් පිළිබඳ පොලිසිය මේ වනවිට පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යතුරපැදියක් සොරකම් කරන අයුරු දැක්වෙන සී.සී.ටී.වි දර්ශන කිහිපයක් පොලිසිය ඊයේ මාධ්‍යවෙත නිකුත් කළා.

මේ අම්පාර නගරයේ ඞී.එස් සේනානායක වීදියයි.

පසුගිය 30 වැනිදා ඞී.එස් සේනානායක විදියේ ආපන ශාලාවක් ආසන්නයේ යතුරුපැදියක් මෙලෙස නවතා එහි පැමිණි පුද්ගලයා ආපන ශාලාව වෙත ගොස් තිබුණා.

ඒ අතරතුර මාර්ගයේ අනෙක් පස සිට හෙල්මටයක් රැගෙන  පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණියා.

ඔහු මද වෙලාවක් ආපනශාලාව අසල රැදි සිට එතන නවතා තිබු යතුරුපැදිය රැගෙන පළායන ආකාරයද සී.සී.ටී.වී කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.

මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයාබැලීම සඳහා අවට ව්‍යාපාරික ස්ථානවල සී.සී.ටී.වී කැමරා දර්ශන පරික්ෂා කිරීම සඳහා මේ වනවිට අධිකරණ නියෝගයක්ද ගෙන තිබෙනවා.

මොහු පිළිබඳ තොරතුරක් ඇතොත් දුරකතන අංක 063 222 2223 න් අම්පාර පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.