gossip_bulletin

පුංචි සහේලිට ඔබේ උපකාර අවශ්‍යයි

saheli

අක්මාවේ ආබාධයක් හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වූ දැරියක් පිළිබඳව අප පසුගියදා ලයිව් ඇට් එයිට් තුලින් ඔබට වාර්තා කළා.

මේ වනවිට එම දැරියගේ රෝගී තත්ත්වය සුවපත් කරගැනීම සඳහා බොහෝ දෙනාගේ ආධාර උපකාර ලැබෙමින් පවතිනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද මෙම දැරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළා.

ගාල්ල එලියට් මාවතේ පදිංචි සඳමාලි සහ විදුරගේ කුඩා දියණිය සහේලි කුඩාකල සිටම අක්මාව සම්බන්ධ රෝගයකින් පීඩා විඳිනවා.

ඇයට වයස මාස 4 දී ලබාදුන් එන්නතකින් පසු මෙම අවාසනාවන්ත ඉරණමට ඇය ගොදුරු වූ බවයි සහේලිගේ මව පවසන්නේ.

මීට වසරකට පමණ පෙර වෛද්‍යවරුන් විසින් ඇගේ රෝගී තත්ත්වයට හේතුව සොයා ගත්තා.

ඒ අනුව එය අක්මාව සම්බන්ධ රෝගී තත්ත්වයක්.

වෛද්‍යවරුන් පවසන්නේ මේ කුඩා දියනිය සම්පූර්ණයෙන් සුවය ලැබීම සඳහා අක්මාවක් බද්ධ කළ යුතු බවයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ 80 ක පමණ මූලික වියදමක් දැරිමට සිදුවනවා.

සහේලි පිළිබඳව මේ පුවත විකාශය කිරීමෙන් පසු බොහෝ පරිත්‍යාගශීලීන් ඇයට ආධාර උපකාර කිරීම සඳහා ඉදිරිපත් වූ බව සහේලිගේ පියා අපට සඳහන් කලා.

ඒ අනුව සහේලිගේ සැත්කම සඳහා වැයවන රුපියල් ලක්ෂ 80 සම්පූර්ණ වීමට ආසන්නව ඇතත් සහේලිගේ සැත්කමින් පසු ඇයගේ පරීක්ෂන සහ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා තවත් බොහෝ මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ පුංචි සහේලි ජනාධිපති මන්දිරයට කැඳවා ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳව සිය අවධානය යොමුකළා.
ජනාධිපති අරමුදල හරහා ඊට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙසයි ජනාධිපතිතුමන් එහිදී නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ.

සහේලිගේ අනාගතය වෙනුවෙන් අවධානය යොමුකළ සියලූදෙනාට ස්තූතිවන්තවෙමින් අප ඉල්ලා සිටින්නේ ඇය වෙනුවෙන් තවදුරටත් හැකි පමණින් උපකාර කරන ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.