gossip_bulletin

අලුත්ගම කුණුගම වුන හැටි නි.ඇමති පාලිත කියයි

මාස හයක් තිස්සේ  පවතින බේරුවල ප‍්‍රදේශයේ කසල ගැටළුවට තවමත් විසඳුමක් ලැබී නැහැ.

අද පෙරවරුවේ කසල බැහැර කිරිම සඳහා හෙට්ටිමුල්ල ප‍්‍රදේශයට ගිය නගර සභාවේ කසල බැහැර කෙරෙන වාහනවලට ප‍්‍රදේශවාසීන් විරෝධය පළකර තිබෙනවා.

බේරුවල නගර සභා බලප‍්‍රදේශයේ කසළ බැහැර කෙරුණේ පාදාගොඩ ප‍්‍රදේශයේ ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් වෙතයි.

කෙසේ වෙතත් මීට මාස හයකට පමණ පෙර එම ප‍්‍රදේශයේ ජනතාව ඊට විරෝධය පළකළා.

ඒ හේතුවෙන් කසළ බැහැර කිරීම අත්හිටවූ අතර බේරුවල ප‍්‍රදේශයේ කසළ ගැටළුව උද්ගතවූයේ ඉන් අනතුරුවයි.

මේ වනවිට මග්ගොන, බේරුවල ෙඓතිහාසික කන්දේ විහාරය, අළුත්ගම නගරය ඇතුළු ප‍්‍රදේශ රැසක කසළ එක්රැස්වී තිබෙන ආකාරය දැකිය හැකියි.

ප‍්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට ද මෙය මහත් ගැටලූවක් වී තිබෙනවා.
බේරුවල ප‍්‍රාදේශීය සභාව අසල එක්රැස්වී ඇති කුනු කන්දයි මේ.
එමෙන්ම තවත් රාජ්‍ය ආයතන, පාසල් ආශ‍්‍රීතව ද කසළ එක්රැස්වී තිබෙනු දැකිය හැකියි.

මෙම ගැටළුවට අවධානය යොමුකළ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පස්වරුවේ කියා සිටියේ අද වනවිට කසළ බැහැර කිරීම සිදුනොකළහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

ඒ අනුව අද පෙරවරුවේ සිට වෙනත් විකල්ප ස්ථානයක් වෙත කසළ බැහැර කිරීමට බේරුවල ප‍්‍රාදේශීය සභාව පියවර ගත්තා.

ඒ හෙට්ටිමුල්ල නවසියවත්ත ප‍්‍රදේශයටයි.

නමුත් පෙරවරුවේ සිට එම ස්ථානයට බැහැර කිරිමට හැකිවූයේ කසළ ට‍්‍රැක්ටර් දෙකක් පමණයි.
ප‍්‍රදේශවාසීන් ඊට විරෝධය පළකරමින් වාහන ඇතුල් වීම වැළැක්වීමට පියවර ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.