Paper Gossip

යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට හේතු කියන්න පොලීසියට උසාවි යන්නවෙලා

jaffna university student killed

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු වෙඩි වැදී මියයැමේ සිද්ධියේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ එය වෙඩි වැදීමෙන් සිදුවූ මරණ බවට සනාථ කොට තිsබියදී පොලිස්‌ වාර්තාවේ රිය අනතුරකින් සිදුවූ මරණ බවට සඳහන් වීමට හේතු මේ මස 27 වැනිදාට අධිකරණය වෙත පෙනී සිටිමින් ලිතව ඉදිරිපත් කරන මෙන් යාපනය දිසා විනිසුරු එස්‌. සදීස්‌වරන් මහතා විසින් යාපනය පොලිස්‌ අධිකාරිවරයාට හා සහකාර පොලිස්‌ අධිකාරිවරයාට නියෝග කරන ලදී.

දිසා විනිසුරුවරයා මෙසේ නියෝග කළේ පසුගිය වසරේ ඔක්‌තෝබර් 21 වැනිදා යාපනයේ චුන්නාකම්හි පොලිස්‌ මාර්ග බාධකයක්‌ අසලදී වෙඩි වැදීමකින් මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදීයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ චුන්නාකම් පොලිස්‌ මාර්ග බාධකයේ එදින සේවය කළ යාපනය පොලිසියේ නිලධාරින් පස්‌දෙනෙකි.

නඩු විභාගයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සහතික කළ වාර්තාවත් පොලිස්‌ වාර්තාවත් අධිකරණයට ඉදිරිපත් වූ අතර එම වාර්තා දෙක පරස්‌පරවීම හේතුවෙන් දිසා විනිසුරුවරයා අධිකරණයට පැමිණ සිටි රහස්‌ පොලිස්‌ නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක්‌ කළේය.

ලබන ජනවාරි මස 27 වැනිදා දක්‌වා සැකකරුවන් පස්‌දෙනා හත්වැනි වතාවටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ දිසා විනිසුරුවරයා එදිනට පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු පිරිස ලිත වාර්තාවක්‌ද සමඟ අධිකරණයට නොපැමිණෙන්නේ නම් ඔවුන්ට එරෙහිව දඬුවම් පමුණුවන බවද සිය නියෝගය දැනුම් දෙමින් කියා සිටියේය.

 

උපුටා ගැනීම දිවයිනෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.