Gossip

ලංකාවේ වටේ ඇවිදින්න හදන දිරිය තරුණිය

තරුණියකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක තනිව ආරක්ෂාකාරීව ගමන් කළ හැකි බව ඔප්පු කිරීමේ අරමුණින් රටවටා පා ගමනක යෙදෙන බව දේවිකා කාසිචෙට්ටි පවසන්නීය.

පසුගිය ජනවාරි 10 වැනිදා කතරගම කිරිවෙහෙර අබියසින් තම සංචාරය ආරම්භ කළ ඇය ශ්‍රී ලංකාව වටා කිලෝමිටර් 1268 ක් තනිව පා ගමනේ යෙදීමට බලාපොරොත්තුවෙයි.

කතරගම, ගාල්ල, කොළඹ, පුත්තලම, යාපනය, මඩකලපුව ඔස්සේ ඇගේ ගමන් මාර්ගය වැටී ඇත.

දිනකට කිලෝමීටර් 20-25 අතර දුරක් ගමන් කරන ඇය කිලෝමීටර් 100 බැගින් වූ අදියර 13 කින් සිය පා ගමන නිම කිරීමට බලාපොරොත්තුවන බව ඇය කියා සිටියේය.

සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ තමන් එයින් උපයා ගත් වැටුප යොදා ගනිමින් මෙලෙස පා ගමනේ යෙදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.