gossip_bulletin

මිතුරාගේ යතුරු පැදියෙන් ගිය 19 තරුණයා නොඑන ගමනක් ගිහින්

පිළියන්දල නගරයේ දී ඊයේ රාත‍්‍රී සිදුවූ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ රාත‍්‍රී 10 ට පමණ මේ අනතුර සිදුව තිබෙන්නේ පිළියන්දල නගරය ආසන්නයේදීයි.

මියගිය 19 හැවිරිදි තරුණයා පිළියන්දල නගරයේ නිමි ඇඳුම් අලෙවි සැලක සේවය කර තිබෙනවා.

රාතී‍්‍ර වැඩ අවසන්කොට මිතුරෙකුගෙන් ඉල්ලා ගත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි මේ අනතුරට මුහුණ දී තිබෙන්නේ.

ඔහු යතුරුපැදිය කොළඹ දෙසට ධාවනය කර ඇති අතර කොළඹ සිට කැස්බෑව දෙසට ධාවනය වූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනෙක් යතුරු පැදිය ප‍්‍රදේශයේ ජ්‍යොතිෂවේදියෙක් ගමන් කර ඇති අතර දැනට ඔහු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

පිළියන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම පුද්ගලයාව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.