Bollywood

ළඟදී බබා හම්බුන කරීනාගේ ගිණුමටත් බබා හම්බෙයි

‘හැකරුන්ගෙන්’ දැන් මුළු ලොවටම සිදුවන්නේ අනර්ථයක්. මේ අලුත්ම ‘සත්ත්වයා’ සිටින්නේ අප අතරමයි. ඔවුන් තමයි, පරිගණක ජාල තුළට රිංගා හොර රහසේම දත්ත සොරා ගන්නේ.

එවැනි හැකර් කෙනකු පසුගියදා, ජනප්‍රිය නිළි කරීනා කපූර්ගේ බැංකු ගිණුමකටත් අනවසරයෙන් නීති විරෝධීව රිංගා තිබෙනවා. ඉන්දියාවේ චටිෂ්ගාර් ප්‍රදේශයේ වෙසෙන 26 වියැති මනිෂ් තිවාරි නම් මේ ‘හැකරා’, කරීනාගේ ආදායම් බදු ගිණුමට ඇතුළු වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පොලිස් නිලධරයකු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මේ තරුණයා, කරීනාගේ ජංගම දුරකථන අංකය අන්තර් ජාලයෙන් ලබාගෙන ඉන් පසුව කිසියම් ක්‍රමයකින් ඇගේ ආදායම් බදු ගිණුමට පිවිස, අදාළ විස්තර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති බවයි.

මේ බව සොයා ගෙන ඇත්තේ කරීනාගේ වරලත් ගණකාධිකාරී ප්‍රකාශ් ථක්කාර් විසින්. පසුව, ඔහු මේ ගැන පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, මේ ‘හැකර්’ තරුණයාව චටිෂ්ගාර් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ තරුණයා කරීනා සමඟ කතාබහ කිරීමට සිහින දකිමින් සිටි බවත් පොලීසිය ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.