Gossip

“නුඹලා බොරු ප්‍රවෘත්ති විකාශනය කරනවා” ට්‍රම්ප් CNN රූපවාහිනියයේ පලුඅරියි

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සී. එන්. එන්. රූපවාහිනී සේවයට දැඩි ලෙස බැන වැදී ඇත.

සිය මුල්ම මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් ට්‍රම්ප් පැවසූවේ නුඹලා බොරු පුවත් විකාශනය කරන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී සී. එන්. එන්. රුපවාහිනිය හිලරි ක්‌ලින්ටන්ට පක්‍ෂව ක්‍රියා කර ඇත.

ඔබ අපේ ප්‍රවෘත්ති සේවාවට ප්‍රහාර එල්ල කරනවා මට ප්‍රශ්න අසන්න ඉඩ දෙන්න යෑයි සී. එන්. එන්. රූපවාහිනියේ වාර්තාකරු ජිම් ඇකොස්‌ටා ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේ මෙම බැන වැදීම සිදු වී තිබේ.

සී. එන්. එන්. රුපවාහිනිය නොහික්‌මුණු ලෙස කටයුතු කරනවා මට ඊට ඉඩදිය නොහැකියි යෑයි ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේය.

තවදුරටත් කතා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මම ඔබට දොස්‌ කියන්නේ නැහැ. නමුත් ඔබගේ ප්‍රවෘත්ති සේවාව බිහිසුණුයි යෑයි පළ කළේය.

මෙහිදී සී. එන්. එන්. වාර්තාකරු තමාට ප්‍රශ්නයක්‌ ඇසීමට අවස්‌ථාව දෙන ලෙස කළ ඉල්ලමට ප්‍රතිචාර දැක්‌ වූ ට්‍රම්ප් මම නුඹට ප්‍රශ්නයක්‌ ඇසීමට ඉඩ දෙන්නේ නැහැ. සී. එන්. එන්. සාවද්‍ය පුවත් විසුරුවන ආයතනයක්‌ යෑයි සඳහන් කළේය.

ට්‍රම්ප්ට අවමන් කෙරෙන තොරතුරු ඇතුළත් වාර්තාවක්‌ සී. එන්. එන්. රූපවාහිනිය ප්‍රචාරය කිරීමට ක්‍රියා කිරීම නිසා මෙම අර්බුදය ඇති වී ඇත.

රුසියාවෙන් ප්‍රකාශයට පත් වූ බව කියන වාර්තාව සාවද්‍ය බවද ට්‍රම්ප් කීවේය.

මේ වගේ මඩගසන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරන්නේ නාසි ජර්මනිය වැනි රටක්‌ යෑයි ට්‍රම්ප් ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයටද දොස්‌ නගමින් පළ කළේය.

බොරු පුවත් විකාශනය කරන්නන්ට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවද ට්‍රම්ප් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට පෙර ඇමරිකානු බුද්ධි සේවා නිලධාරීන් ට්‍රම්ප් හමු වී රුසියානු වාර්තාවේ සඳහන් කරුණු සනාථ වී නැති බව පවසා තිබේ.

ට්‍රම්ප්ට මඩ ගසන මෙම වාර්තාව බස්‌සිම් වෙබ් අඩවියද මුළුමනින්ම ප්‍රකාශයට පත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.