gossip_bulletin

ගාල්ලේ විහාරස්ථනයක අයිතිය ගැන ඇතිවුන ප්‍රශ්නය උණුසුම් වෙයි

ගාල්ල පරගොඩ රජමහා විහරස්ථානයේ අයිතිය සම්බන්ධ අධිකරණ නියෝගයක් භාරදීමට ගිය අවස්ථාවේදි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ වත්මන් විහාරාධිපති හිමියන් සහ දායක සභාව අදාල අධිකරණ නියෝගය භාර ගැනිම ප‍්‍රතික්ෂේප කිරීමත් සමගයි.

ගාල්ල ඉමදූවේ පිහිටි පරගොඩ රජමහා විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අධිකරණය ලබාදුන් තීන්දුවක් භාරදීම සඳහා පිස්කල්වරයා ඊයේ පොලිසිය සමඟ විහාරස්ථානයට ගියා.

එම නියෝගය අනුව  පරගොඩ රජමහා විහාරස්ථානයේ අයිතිය උඩුකාව බෝධිරුක්කාරාම විහාරස්ථානයට හිමිවනවා.

පිස්කල්වරයා පරගොඩ රජමහා විහාරස්ථානයේ දැනට වැඩ සිටින ස්වාමින්වහන්සේට කරුණු පැහැදිලි කර අධිකරණ නියෝගය භාරදීමට උත්සහ කළ අවස්ථාවේදි ඊට විරෝධය පළවුණා.

ඒ මෙම ආරවුලට සම්බන්ධ ස්වාමින්වහන්සේ දැනට පරගොඩ විහාරස්ථානයේ වැඩවාසය නොකරන බැවින් අධිකරණ නියෝගය භාරගත නොහැකි බව දැන්වීමත් සමගයි.

අවසානයේදි අධිකරණ නියෝගය භාරදිය නොහැකිව පිස්කල්වරයා පොලිසිය සමඟ එම ස්ථානයෙන් පිටව ගියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.