Paper Gossip

සාදය මාරයි ජිවිතයක් හමාරයි

සාදයක් හමාර වී බීමතින් ත්‍රිරෝද රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයකු සිදු කළ රිය අනතුරකින් 63 හැවිරිදි මවක් මියගොස් ඇයගේ 21 හැවිරිදි පුත්‍රයා බරපතළ තුවාල ලබා පෙරේදා (11දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුකළ පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිටි බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර පසුව ඔහු කිරිඇල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන අන්දමට මේ සාදය පැවැත්වී තිබෙන්නේ පොලිස් මිතුරන් අතරය.

ඔහුද අනතුරෙන් තුවාල ලබා කිරිඇල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කරයි. ඇල්ලගම ශ්‍රී සනාරාම විහාරස්ථෘනය අසලදී පෙරේදා (11දා) සිදුවූ මේ අනතුරෙන් බී.ඩී. කුසුමා පද්මිණි (63) මියගොස් ඇති අතර ඇයගේ පුතා වන පී.ඒ. අරවින්ද රවි ප්‍රභාත් (21) හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ මහ රෝහලට මාරුකර යවා ඇත. සිද්ධිය සිදුවූ මොහොතේම එම ස්ථානයට වැඩම කළ ඇල්ලගම ශ්‍රී සනාරාම විහාරාධිපති කැටවල ධර්මප්‍රිය හිමියන් ‘මව්බිම’ට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “අධික බීමතින් ත්‍රිරෝද රථය පදවාගෙන ආ පුද්ගලයා කිරිඇල්ල පොලීසියේ රාජකාරි කරන අයෙක් බව හදුනාගත්තා. මාර්ගය අයිනේ ගමන් කළ අහිංසික දෙන්නෙක් මේ අනතුරට පත්වුණේ. නීතිය ආරක්ෂා කකරන පොලීසියේ අය විසින් කරන මේවා හෙළා දැකිය යුතුයි. ඒ මොහොතේම විධිමත් පරීක්ෂණයක් කරන ලෙද ඉහළ පොලිස් නිලධාරීන්ටත් පැමිණිලි කළා” යනුවෙනි.

කිරිඇල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණය සිදුකරනු ලබන අතර මියගි අයගේ මරණ පරීක්ෂණ ඊයේ (12දා) හොරණ රෝහලේදි පැවැත්වීමට නියමිතව තිබිණි.

 

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.