Gossip

CCTV කැමරා නිසා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට සිද්ධවෙන දෙයක්

cctv

ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාකාර පීඨයේ සිසුන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට මේ වනවිට දින 8 ක් ගතව තිබෙනවා. සරසවි සිසුන් හයදෙනෙකුගේ පන්ති තහනමටයි ඔවුන් විරෝධය පළකරන්නේ.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාකාර පීඨයේ සිසුන් හයදෙනෙකුගේ පන්ති තහනමට අදට මසකුත් දින පහක් ගතවෙනවා. තාක්ෂණ පීඨයට සිසුන් බඳවා ගැනීමේදී කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් විසින් ඉදිකළ තොරණක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත විනය විරෝධී ක‍්‍රියා සිදුවූ බව පවසමින් පාලනාධිකාරිය සිසුන්ගේ පන්ති තහනම් කර තිබුණා.

ඊට විරෝධය පළකරමින් සිසු සිසුවියන් සතියක පමණ කාලයක සිට විශ්ව විද්‍යාල පාලන ගොඩනැගිල්ලේ රැඳී සිටිනවා. සිසුවියන් චෝදනා කරන්නේ තම නේවාසිකාගාර පිටත මෙන්ම ඇතුළත ද සී.සී.ටී.වී. කැමරා සවිකර ඇති බවයි. ඒ තුළින් ලබාගන්නා දර්ශන උපයෝගී කරගනිමින් පාලනාධිකාරිය ප‍්‍රශ්න කිරීමේ දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ඊයේ ඔවුන් අම්පාර නගරයේ මේ ගැටළු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක ද නිරතවුණා. තම ගැටළුවට නිසි විසඳුමක් ලැබෙනතුරු සත්‍යග‍්‍රහය අවසන් නොකරන බවයි ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.