Gossip

පණ්ඩිතකමට හැමතැනම කට්ටිය drone කැමරා යවපු නිසා අලුත් නීති !

drone

ගුවනින් දර්ශන සහ ඡායාරූප ගැනීම් සඳහා භාවිත කරන drone කැමරා සම්බන්ධයෙන් නව නීති සහ නිර්ණායකයන් අවශ්‍ය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

හම්බන්තොට නව ආයෝජන කලාපයට මුල්ගල තැබීමේ උත්සවය පැවැති දින ඇති වූ ගැටුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගුවන්ගත කළ පෞද්ගලික මාධ්‍ය ආයතනයක drone කැමරාවක් පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කෙළේය.

හම්බන්තොට ගැටුම්කාරී තත්ත්වය අතර drone කැමරාවක් උඩු ගුවනේ හැසිරීම උත්සව සභාවේ සිටි ප්‍රභූන්ගේ ආරක්ෂාවට ගැටලුවක් වන බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.

එසේම drone කැමරාව පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කරන්නේ නම් විමර්ශන සිදු කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

drone කැමරා භාවිතයෙන් ගුවන් ප්‍රහාර එල්ල කළ හැකි බවද එම නිසා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.

චාමර අමරසූරිය
මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top