Paper Gossip

සංසාර චාරිකාව නිමවී මාස තුනකට පසු ආ ඇගේ විශිෂ්ඨම ප්‍රතිඵල

Shiva Durga

සංසාර චාරිකාවේ නිමා නොවන ගමන් මගෙහි සැරිසරනා අප ලැබූ කෙටි ජීවිතය කෙසේ විදිත්ද ? කෙසේ විදවත්ද ? සිතා බැලුවහොත් විටෙක ජීවිතය යනු විදීම සහ විදවීම අතර මැද මාවතකි. ගෙවුණු ජීවිතය දෙස ආපස්සට නෙත් විවර කළහොත් අප සැම ලද ජයග්‍රහණ සහ නොලද ජයග්‍රහණ ගැන සිතා විදින්නෝ සහ විදවන්නෝ නොවේද ?

ලද ජයග්‍රහණයක සතුට විද දරා ගැනීම යනු එය දෑසින් දැක සවනින් අසා මනසින් විදීමට හැකි වීමයි. නමුදු ජීවිත කාලයක් පුරා උත්සුක වී ලබාගත් ජයග්‍රහණයක සතුට විදීමට තරම් භාග්‍යක් නොවුණු දියණියකගේ ශෝක දිගහැරුමක් පසුගියදා සවන්ද වැකුනේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමගය.

ඔබට මතකද පපසුගිය ඔක්තෝබරයෙ අඹන්පොළ දී සිදුවූ රිය අනතුර, කොළඹ බලා ගමන් ගනිමින් හුන් සිය සුළු මව වන වෛද්‍යවරිය සමගින් ජීවිතයෙන් සමුගත් දියණිය ශිවදුර්ගා සත්‍යනාදන්, අද ඇය ජීවත් නොවුණද ජීවත් වූ කෙටි කාලයේදී ඇය දැක්වූ හපන්කම්වල ප්‍රතිඵල නිකුත් වී ඇතත් එහි සතුට විදගැනීමට ඇය අප අතරින් වෙන් වී ගොසින්ය. වවුනියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් පළමුවැනියා වීමට තරම් ඇය භාග්‍යවත් වුවද එය දැක දෑසින් සවනින් අසා මනසින් විදීමට තරම් ඇය භාග්‍යවත් නොවූවාය.

ඇයගේ විභාග ප්‍රතිඵල දැක සතුට විය යුතුද දුක් විය යුතුද යන්න සිතාගැනීමට අපහසුවන්නේ ඇය ජීවත් වූවා නම් යන හැගීම, ලැබූ ප්‍රතිඵල වලින් ලද ජයග්‍රහණය පරයා ඉස්මතු වීමය. කෙසේ වතුදූ අද ඇය ජීවතුන් අතර නැත. ඇය නැති සොවින් වැලපෙන ඇයගේ මවුපියන්ට ඇයගේ මේ ජයග්‍රහණය පළ කළේ තවත් දොම්නසි. මිතුරු මිතුරියන් පවසන්නේ විභාග ප්‍රතිඵල පැමිණිය ද ඒ දෙස බලා සතුටුවීමට තමන්ට නොහැකි බවයි. අද ශිවදුර්ගා අප අතර සිටියා නම් කෙසේ සතුටු වේද ? යැයි ඔවුහු කදුළු පිරි දෑසින් ප්‍රකාශ කරති. තමන්ගේ ප්‍රතිඵල බලා ගැනීමට රම්බකුලම කාන්තා විද්‍යාලයට පැමිණි සිසු සිසුවියෝ තම ප්‍රතිඵල වලින් ලද ජයග්‍රහණ සතුටුදායක වුවත් තම යෙහෙළියගේ මතකය අවදිවීමෙන් ඉමහත් ලෙස ශෝකයට පත්ව සිටී. මෙවන් දැරියකට අත්වූ අකල් මරණයත් ඇය අද ලබා ඇති ජයග්‍රහණය වවුනියාව රම්බකුලම කාන්තා විද්‍යාලම කම්පනයට පත්කළ සිදුවීමක් වූ බව එහි ගුරුවරියෝ කදුළු පිරි දෑසින් ප්‍රකාශ කළහ.

වවුනියාව – මාධව කුලසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.