Gossip

ශබ්ද තරංග සහ රේසරයකින් කළ මොළයේ සැත්කම

ලන්ඩනයේ ශාන්ත මේරි රෝහ‍ලේ වෛද්‍යවරු පිරිසක් දුර්ලභ ගණයේ මොළයේ සැත්කමක් නිමා කිරීමෙන් පසුව උදාන වාක්‍යයක් පවසා තිබුණා. ඒ, අති නවීන යන්ත්‍රයකට අමතරව, රේසරයක් පමණක් භාවිත කරමින් තමන් සාර්ථක සැත්කමක් සිදුකළ බවටයි. ඔවුන් රේසරය භාවිත කර තිබුණේ රෝගියාගේ හිස බූ ගෑමටයි.

මොළයේ සිට අතට යවන විද්‍යුත් සංඥාව නිසි පරිදි මොළයට නොලැබිම නිසා අත වෙව්ළීමේ තත්ත්වයක් ඇතිවීම සුලබ රෝගයක් බවට පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍යවාසීන් දස ලක්ෂයකට අධික පිරිසක් මේ රෝග තත්ත්වයෙන් පීඩා විඳි අතර, මේ වනතුරු ඔවුන්ට ප්‍රතිකාර කෙරුණේ විවෘත අවයව සැත්කම් හරහායි.

නමුත් මෙම විශේෂ සැත්කම සඳහා යොදාගෙන තිබුණේ ශබ්ද තරංග පමණයි. අතිවනිත සංඛ්‍යාතයකින් ගමන් කරන තරංග දහසකට අධික ප්‍රමාණයක් නිකුත් කරන උපකරණයක් හරහා රෝගියාගේ අවයව කපා කොටා විවෘත කිරීමෙන් තොරව ප්‍රතිකාර කිරීමට හැකි බව මොවුන් සොයා ගත්තා. මෙම උපකරණයේ තරංග රෝගියාගේ මොළයේ එක් ස්ථානයකට යොමුකළ විට රෝගකාරක පටකය විනාශ කිරීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිකාරයක් සිදු කෙරෙන බව සඳහන් වෙනවා. ශබ්ද තරංග උපකරණය සහ රේසරය හැරුණු කොට කතුරු, පිහි, තල යොදා නොගන්නා මේ ප්‍රතිකාරය ලෝකයේ ප්‍රචලිත වන බව නොඅනුමානයි.

සඳමාලි වර්ණසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.